ආවා කල්ලිය යාපනය බයභීත කරවයි.. ස්ථාන දෙකකදී ප්රහාර.. දෙදෙනෙක් රෝහලේ..
July 4, 2018 at 12:40 pm | lanka C news
යාපනය දිස්ත්රීක්කයේ චුන්නාකම් හා කොකුවිල් ප්රදේශවලදී ඊයේ (03) රාත්රීයේ ආවා කල්ලියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය හා චුන්නාගම් පොලීසිය කියා සිටියේය.
පළමු පහාරය එල්ල වී ඇත්තේ යාපනය චුන්නාගම් ප්රදේශයේ නිවසකට වන අතර එහිදී යතුරුපැදි 4කින් 08 දෙනෙකු මුහුණු ආවාරණය කරගනිමින් පැමිණ නිවසේ තිබූ ඉඩු බාහිරාදියට හානි කොට 15 හැවිරිදි සිවරාසා සාරුජන්ට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ තම පුතනුවන් යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කල බවට තුවාල ලැබූ සිවරාසා සාරුජන්ගේ පියා වන අරුනාචලම් සිවරාසා චුන්නාගම් පොලීසියට පැමිණිල්ලක් දමමින් පවසා ඇත.
මේ අතර යාපනය පොලිස් වසමේ පූනාරි මාර්ගයේ කොකුවිල් ප්රදේශයේදී ගමන් කරමින් සිටි තරුණයෙකුටද ආවා කල්ලි ප්රහාරයක් එල්ල වී රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
එහිදී 23 හැවිරිදි හරිදාස් සත්යදාස් නැමති තරුණයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී තිදෙනෙකු යතුරුපැදියකින් පැමිණ පහරදී පලා ගොස් ඇති බවට යාපනය පොලීසියට තොරතුරු අනාවරණය වී ඇති අතරම ප්රදේශ දෙකේම ප්රහාරයන් එල්ල කල කිසිවෙකුත් මේ වන තුරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
විජයකලා වහාම අත්අඩංගුවට ගනු ..ආවා කල්ලියේ නායිකාව මැය බවට රාවයක් උතුරේ පැතිරේ …
නැවත LTTE සංවිධානය ඇතිකළ යුතුබව ප්රසිද්ධියේ පැවසුවේ මේ ලගදිය …
සිරිසේනගේ උතුරේ සංහිදියාව දොරේ ගලනවා නේද ? විජයකලා ඇමැතිධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගත යුතුයි
YAPANNE POLICE YA MAY AYADA
හරි හරි ටිකක් ඉදපල්ලකෝ ගෝටා එනකන් ඊට පස්සේ ඉතින් ආවා… ගියා තමා.
පුජිතගේ පොලිස් පොල්ලෙන් බැට දෙන්නේ සිංහලයන්ට පමණයි ලැජ්ජයි
ආවා කල්ලියේ නායිකාව කොටි කලා වෙන්න ඇති ඇගේ කථා වලින් එය ඔප්පුවෙනවා
ko ara lapaya jvp ballo tika okunta gaha pannapiyaw Lenin ekka maru gahanawada mangala wath ekka palayalla topi 6 e laga para gahala elawanne