‘ආවා’ කල්ලිය වගේම තවත් කල්ලියක් මතුවේ.. යාපනයේ තවත් පිරිසක් කපා පහරදෙයි..
December 5, 2017 at 5:30 pm | lanka C news
යාපනය,මීසාලෙයි ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ(04) රාත්රියේ කිසියම් පිරිසක් විසින් කපා දමා පහරදී ඇති ඇති බව යාපනය චාවකච්ඡේරි පොලීසිය පැවසුවේය.
චාවකච්ඡේරි පොලීසිය පැවසූවේ ඊයේ(04) රාත්රියේ 8.00 ට පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර,පහරකෑමෙන් කැපුම් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙකු යාපනය චාවකච්ඡේරි රෝහලට ඇතුළත් කොට ඇති බවටයි.
අදාල පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ මීෂාලෙයි චාවකච්ඡේරි ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි සෙල්වරාජි කජීවදන් හා 17 හැවිරිදි ඇල්බට් ඇලෙක්ෂණ නැමති තරුණයින්ය.
අදාල පහරදීම සඳහා ත්රී රෝද රථයකින් පැමිණි පිරිසෙන් එක් අයෙකු විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සෝදිසි පරික්ෂණයක්ද ආරම්භ කොට ඇති බවට චාවකච්ඡේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර චාවකච්ඡේරි ප්රදේශයේ ක්රියාතමක අජිත් ටීම් නැමති කල්ලියක් විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
යාපනය නගරයේ ස්ථාන කිහිපයක පසුගිය සමය පුරා කපා දැමීම් වාර්තා වු අතර,අදාළ පහරදීම් ආවා කල්ලිය විසින් සිදුකොට තිබිණ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දෙමලා නහින්නේ දෙමළාගෙන්
හරියට හරි Lion දෙමළන්ගේ ගෝත්රික ආරවුල් හොඳින්
තියා නරකින්වත් විසඳන්ට බැ. උන් ඇන කොටාගන්න එක අනික් රටවලුත් දකින්ට ඕනැ මුං මොන වගේ ජාතියක් කියල ඒ අයත් දැනගන්ට.
එල ද braaaa……