ආවා කල්ලි නායකගේ නිවසට පහර දේ..
February 25, 2019 at 5:30 pm | lanka C news
යාපනය මාණිපායි ප්රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිපායි පොලීසිය කියා සිටියේය.
මානිප්පායි ප්රදේශයේ ආවා කල්ලියේ නායකයෙකු වූ සන්නා නමැත්තාගේ බවට සැකකෙරෙන නිවසක් වෙත අදාළ පහරදීම සිදුකොට ඇත.
යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කොටගෙන කඩු ඇතුලු තියුණු ආයුද රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදුකොට ඇති එහිදී පුද්ගල හානියක් සිදු කොට නැතත් නිවසේ නවතා තිබූ යතුරුපැදි ත්රනකට කඩු වලින් කොටා හානි කොට පලා ගොස් ඇති බවට පොලීසිය කියා සිටියේය.
අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති වුවද අදාල පිරිස් කඩු රැගෙන පැමිණෙන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති අතර ඒ ඔස්සේ පරික්ෂණ අරඹා ඇති බවටද මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ