ආවා කල්ලි නායකයා අත්අඩංගුවට පත්වීමෙන් උරණ වූ ගෝලයෝ කපාකොටාගෙන රෝහලේ…

September 3, 2021 at 8:40 am | lanka C news
ආවා කල්ලි නායකයා අත්අඩංගුවට පත්වීමෙන් උරණ වූ ගෝලයෝ කපාකොටාගෙන රෝහලේ…

යාපනයේ ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙසින් සැකකෙරෙන විනෝදන් නැමත්තා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 01 රාත්‍රියේ එම කල්ලියේ සාමාජිකයින් අතරවූ ගැටුමකින් බරපතල තුවාල ලබා එක් අයෙකු රෝහල්ගත්කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය මරුදනාමඩම් පොළ ආසන්නයේදී 01 රාත්‍රියේ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු විසින් මාර්ගයේ ගමන්ගත් අයෙකුට තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

ආවා කල්ලි නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා එම කල්ලියේම සාමාජිකයෙකු විසින් පොලීසියට ඔත්තුවක් දී ඇතැයි සැකපිට මෙම ප්‍රහාරය එම කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැකපල කර සිටියි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ආවා කල්ලි නායාකයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙට නියෝග කොට ඇති අතර එම කල්ලියේ සෙසු සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,139 views

6 Comments to “ආවා කල්ලි නායකයා අත්අඩංගුවට පත්වීමෙන් උරණ වූ ගෝලයෝ කපාකොටාගෙන රෝහලේ…”

  1. යොවුන් රාණි says:

    දකුණු ඉන්දියානු ෆිල්ම් බැලුවම මුන් හිතන් ඉන්නේ ගංජා සුරුට්ටුවක් ගහලා එකේ තියන ඒව කරන්න පුළුවන් කියලා. ගොන් හරක්. මුන් රිමාන්ඩ් කරලා වැඩක් නැහැ.
    ඔක්කොගෙම ඔළු පුණුර්ථාපනය කරන්න ඕන

  2. රංජිත් විජේසිංහ says:

    මෙයාලවත් ඇතුලට දාලා කියලා දුන්න නම් හරි දැන් ආවා නෙමෙයි ගියා කියලා.

  3. Sunil Perera says:

    Oya tika tika enne anthawadayama thama ikmanin owa nawaththuwe nathnam serama winasai.

  4. රුක්ෂාන් සිල්වා says:

    ශ්‍රී ලංකා පොලීසියකියන්නේ දැන් මාරයි මාර ඉක්මනින් වැරදි කාරයෝ අල්ලනවා. ඉස්සර වගේ වෙයි දැන් . ජනතාවාදී ආණ්ඩුවක් තියෙන කොට ජනතාව දිනුම්.

  5. Chathura Gunarathna says:

    yapane deshpalanaya karan eunge henchaiyo karana wada mewa kalakanni aith jathiwadaya aussnna hadanawa. mewata nikan yanna denna hoda nh kalakanni hatta.

  6. Sagarika Alvis says:

    ane meyala mona gemakatada me enna hadanne? lankawa dan samkami ratak owa oni nh neh. innako rajayatat karadara karanne nthuwa. me welawe owa newei prshna covid control karana eka.

Main News