ආවා කල්ලි ප්‍රහාරයේ ඝාතන සිද්ධියට නායකයා ඇතුලු 08 ක් අත්අඩංගුවට…

September 1, 2021 at 6:25 pm | lanka C news
ආවා කල්ලි ප්‍රහාරයේ ඝාතන සිද්ධියට නායකයා ඇතුලු 08 ක් අත්අඩංගුවට…

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි.

අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ යුදහමුදාව බුද්ධි අංශය විසින් සිදුකරන ලද පරික්ෂණයන් තුලදී ස්ථාන කිහිපයකින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන විනෝදන්ද වන බවට පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් පොලිස් පරික්ෂණ සිදුකෙරෙන අතරතුරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලීසියට භාර වී ඇත.

අගෝස්තු 22 වනද රාත්‍රියේ ගුරුනගර් මුහුදු මාර්ගය අසලදී තියුණු ආයුධගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව 24 වනදා අලුයම එක් අයෙකු මිය ගොස් තිබුණි.

මෙම ප්‍රහාරය ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය දිනයන්හි සිදුවූ ප්‍රචණ්ඩකක්‍රියා රැසකට දායක වූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කන්කසන්තුරය, තෙලිප්පලෙයි, චුන්නාකම්, කෝපායි ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,650 views

8 Comments to “ආවා කල්ලි ප්‍රහාරයේ ඝාතන සිද්ධියට නායකයා ඇතුලු 08 ක් අත්අඩංගුවට…”

  1. Podi Eka says:

    රටේ ප්‍රශ්න නොමග යවන ජාතිවාදී හොල්මන්. ආණ්ඩුව අසාර්ථක වෙන හැම වෙලාවකම ක්ලේමෝ බෝම්බ, සන්නද්ධ කල්ලි, වඳ පෙති එලියට එන්නේ ඇයි?

  2. awa says:

    නැවතත් ආව ආවද

    • මහා හුරා says:

      කොරෝනා මාරයා යාපනය බිලිගනිද්දී ආවා කල්ලි පිස්සු කෙලිනවා …TNA ත්‍රස්තවාදීන් මේවාට සම්බන්ද විය හැකියි පරික්ෂා කරන්න

  3. Chathura Gunarathna says:

    muntath me welawe gedara inna bari hati. hitapanko gedarata wela. pissu natanne nathuwa.

  4. Sunil Perera says:

    ekasarayk owa karanna gihin mattu wela nah. me sare hodata mattu karanan oni. nathnam thawath loku hisaradayak wenawa. hodata hoyala balala daga geta dannama oni.

  5. Sagarika Alvis says:

    meyala mechchara dawasak hagila idala wage eka paratama mathu une. meyalage hathmuthu param parawam heta anidda wenakota wadata bahi.nisi kriya marga ganna oni.

  6. රංජිත් විජේසිංහ says:

    මුන්ට සමාවත් නම් දෙන්න හොඳ නෑ ආයිත් ජාතිවාදය පතුරන්න ආවා. ගොන් හැත්ත.

  7. රුක්ෂාන් සිල්වා says:

    ඈ බොල යකෝ ආයිත් එළි බැස්සේ තොපි ජාතිවාදය පතුරන්න නේද? තොපි තියලා වටින්නේ නෑ සක්කිලි හැත්ත. මේ සැරේ නම් තොපිට ඉතින් සොරිම තමා.