‘ආවා’ නායකයා භාර වෙද්දී යාපනයේ නිවසකට බෝම්බ ප්රහාරයක්..
November 29, 2018 at 6:48 pm | lanka C news
යාපනය නල්ලූර්හි වයිමන් පාර ප්රදේශයේ පිහිටි නිවසකට අද (29) අළුයම නාදුනන පිරිසක් විසින් පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය ප්රකාශ කොට සිටියේය.
වයිමන් පාරේ පදිංචි පංචලිංගම් තුසීලන් නැමත්තාගේ නිවසට පෙට්රල් බෝම්බ ප්රහාර දෙකක් එල්ල වී ඇති අතර එම ප්රහාරයන්ගෙන් නිවස ඉදිරිපි පිහිටි ත්රී රෝද රථ දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
අසල් වාසීන් විසින් කියා මෙම ප්රහාරය ආවා කල්ලියේ ප්රහාරයක් බවට කියා සිටියද යාපනය පොලීසිය කියා සිටියේ මෙම ප්රහාරය මුදල් ආරවුලක් මත සිදු වූවක් බවට සැක කරන බවටයි.
එයට හේතුව වී ඇත්තේ පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ල වූ අයට ත්රී රෝද රථ අලුත් වැඩියා අංගනයක් ඇති අතර එම අයත් සමග පසුගිය දිනක අවස්ථා කිහිපයකදීම තවත් පාර්ශවයක් විසින් ආරවුලක් ඇතිව තිබෙන අතර එහිදී පහරදීගැනීම්ද සිදුව ඇති බවට යාපනය පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
කෙසේ වෙතත් අදාල පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ල කල පිරිස් මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ආවා ක්ලියේ නායකයා අධිකරණයට භාර වීමත් සමග එම කල්ලියේ ප්රහාරයක් නොවන බවටත් මෙම සිදුවීම පෞද්ගලික මුදල් ආරවුලක් මත සිදු වූවක්යැයි සැක කරන බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ගැබුරින් සොයා බැලිය යුතුයි.
Hari
ow ithin awa lokka bara wenna epaye… udaw karapu set eka balayata awama. it’s crystal clear how is behind of these violent…