ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..

October 11, 2021 at 11:20 am | lanka C news
ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..

සුපිරි වෙළඳසැල සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීම වේගවත් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

එම ක්‍රමය යටතේ අවම වශයෙන් එක් මැතිවරණ කොට්ඨාසයකට නව සුරාසැල් පහක් සදහා බලපත්‍ර නිකුත් කිරීමට සාකච්ඡා වෙමින් යන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.

තමනට දැනගන්නට ඇති ආකාරයට මෙම එක බලපත්‍රයක් ලබා දීමට යන්නේ රුපියල් කෝටි 7 ක මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එම කෝටි හතෙන් කෝටියක් ආසනයේ ආණ්ඩුවේ නියෝජිතයා වන ආසන සංවිධායකටත් තවත් කෝටියක් ඊට විරෝධය දක්වන පිරිස් වලටත් බෙදා දීමට සැලසුම් කර ඇති බවත් ඉතිරි කෝටි 5 පොදුජන පෙරමුණේ අනාගත ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ අරමුදලටත් ලබාගන්නා බවට ඔහු තවදුරටත් කියා සිටියේය.

43,631 views

21 Comments to “ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..”

  1. 3% ට බය බයියා. says:

    දැන් ෂැපද …………………අපේ හාන්දුරුවනේ….විරුවන් ට රට පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ

  2. Saleem says:

    සිංහල ජාතිය බීලම විනාශ වන්නට හොදම මග. අනික ජනයා බේබදු වු තරමට දුෂිත පාලකයන්ට හොදයි

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ඒකෙ වැරද්දක් නෑ. දැන් තියෙන ක්‍රමේට එක පුද්ගලයෙක් ආසනේම ආදායම ගන්නව. නව ක්‍රමයෙන් කීපදෙනෙක් අතර බෙදිල යනව.

  4. Jagath says:

    69 ලක්ෂෙ එකෙක්වත් දැන් නැද්ද???

  5. හොර සිල් says:

    දරුවන්ව බවුතීස්ම කරලා සිල් ගන්න තාත්තා කෝ මේ දවස් වල?

  6. Prasad says:

    බීල මදි වෙලා බොන්න ගේන්න ගිහින් කොච්චර කොල්ලො මැරෙනවද…ඒක අඩු කරන්න තමා ලග ලග Bar දාන්නෙ.තෙරුම් ගනිල්ලා…

  7. Thilina says:

    කතාව ඇත්ත,
    හොඳම උදාහරණයක් බණ්ඩාරගම. බණ්ඩාරගම සුරා සැලක් තිබුනේ නැහැ ඉතිහාසයේ කවදාවත්. මිනිස්සු
    හරි අභිමානයෙන් හිටියේ ඒ ගැන. අන්න දැන් කව්ද පාපතරයො ටිකක් ඒකටත් අත ගහල (අනුමැතිය දුන් පාපතරයන් ඇතුළු). අලුත් සුරා සැල දුටු විට මහා වේදනාවක් ආව අපේ පුංචි නගරයත් විනාශ වුනා කියල.

Main News