ආසන්න සති දෙකේදී පමණක් කොළඹ උද්ඝෝෂණ 60ක් පවත්වලා..

February 16, 2020 at 3:00 pm | lanka C news
ආසන්න සති දෙකේදී පමණක් කොළඹ උද්ඝෝෂණ 60ක් පවත්වලා..

වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ  පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුවේට් ප්‍රධාන ශාඛාව විසින් කුවේට් සල්මියා අල් තජාන්  උත්සව ශාලාවේ දී පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙරට නිදහස් දිනය සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

” අපි පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපුවාම මේ රටේ ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස අපි ටික ටික කරගෙන ගියත් ඒ වෙනස වේගවත් කිරීමට හැකියාවක් නැත්තේ අපි මේ ඇදගෙන යන්නේ 2015 පත් වූ පාර්ලිමේන්තුවම නිසයි. මේ ආණ්ඩුව බහුතරය සහිත ආණ්ඩුවක් නෙමේ. සුළුතර ආණ්ඩුවක්. මේ සුළුතර ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පව් වලට කරගහන්නයි. පහුගිය දෙසතිය තුළ විතර කොලඹ උද්ඝෝෂණ 60 ක් තිබුණ කියලා පොලීසිය කියලා තිබුණා. මේ උද්ඝෝෂණකරුවන්ගේ උද්ඝෝෂණ වලට හේතුව පහුගිය යහපාලන ආණ්ඩුවේ අවිධිමත් ක්‍රියා කලාපයයි. ඇතැම් අමාත්‍යාංශවල බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් රැකියා වලට බදවා ගෙන. තවත් සමහර ඒවායේ වැටුප් විෂමතා. මේ අය දැන් ආණ්ඩුවෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා. ඒකයි මම කිව්වේ අපිට කර ගහන්න වෙලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ පව් වලට කියලා.

අපිට පුළුවන් විදිහට අපි මේ ජනතා ඉල්ලීම් ඉටු කරන්න කටයුතු කරගෙන යනවා. ඒත් ඇතැම් අණ පණත් අපිට ඒකට බාධාවක්. ඒ බාධා ඉවත් කරගන්න අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැහැ. අපි මේ පාර්ලිමේන්තුව ඉක්මණින්ම විසුරුවා හැරලා පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ ජනතා ප්‍රශ්න වලට ස්ථිර සාර විසදුම් ලබා දෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වු වහා ම පාර්ලිමේන්තුව විසුරුවා අරින්න බැරි වුණේ.  නමුත් මාර්තු 01 වෙනි දා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ  පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා. දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ. මොකද දැන් ඔවුන්ට අප සමග මහ මැතිවරණයට තරග කරන්නම වෙනවා. ඔවුන් ව්‍යවස්ථාවට මුවා වෙලා මේ  පාර්ලිමේන්තුව රැකගෙන හිටියා. මාර්තු 01 වෙනිදාට ඒක ඉවරයි. සජිත්ටයි, රනිල්ටයි දෙන්නටම සිද්ධ වෙනවා එදාට එළිපිට නටන්න.

එක්සත් ජාතික පක්ෂය අද ලකුණක් හොයාගන්න බැරි තරම්  බංකොළොත් වෙලා ඉවරයි. පක්ෂයේ අර්බුධ නිසා අද ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ කළ කිරිලා. අලියාගෙන් ආවත්, හංසයාගෙන් ආවත් ඒ දෙකම නැතුව හදවතින් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පරාජය ස්ථිරයි. මේ පාර තමයි එක්සත් ජාතික පක්ෂය මතක හිටින පාඩමක් ඉගෙන ගන්නේ. අපේ අපේක්ෂාව මේ පාර මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් දිනවන්නයි. අපේ රටේ ජනතාව ඒකට ලෑස්තියි.

පසුගිය ජනාධිපතිවරණයේ දී විදේශ ගත ශ්‍රමිකයෝ නිවාඩු දාලා ගෙදර ආවා ගෝඨාභය මහත්තයට ඡන්දය දෙන්න. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි තමන්ගේ මව්රටට තියෙන ආදරය නිසා. තමන්ගේ මව්රට රැකගන්න තියෙන උවමනාව නිසා. මෙවරත් අපි ඔබේ සහාය අපේක්ෂා කරනවා. එදා වගේ අපි හැමෝම එකතු වෙලා මාතෘභූමිය රැක ගනිමු”.

– ප්‍රදීප් අනුර කුමාර

21,501 Viewers

8 Comments to “ආසන්න සති දෙකේදී පමණක් කොළඹ උද්ඝෝෂණ 60ක් පවත්වලා..”

  1. HENA says:

    api umabal degollogema paw walata kara gahanawa..

    kala kanni haththa

    rata kewa hathi kare

  2. සිංහල බන්ඩා says:

    මෙවර මැතිවරණයෙදි ජාතිකවාදීන් මංත්‍රීවරැ ලෙස පත්කර ගැනීමට සිංහල ජනතාව වග බලා ගත යුතුය්.

  3. MD says:

    Awurudu 4 1/2k kala winasha kala Ratak Masa 2n godaganna baha.Mole kaladakwath ati aya Asadarana lesa udgoshana karanne naha.mewa gon wada.

  4. Usendra says:

    If Gotabaya wants to improve our country no need to seek 3/4
    He can direct to implement what are the law and order to make people to do right way. He has Sinhala People power to do that avoid parliamentary jokers.

  5. Hari says:

    KALA PAU GAWANE APPIE

  6. David Milli-banda says:

    Freedom of speech. Is’nt it under Gota too.

    Moda yakku…… If they go overseas, they will be even willing to clean others shit. In their own country they can not do anything for themselves.

    Kaala Kanni……..

  7. Saradiel says:

    රට විනාස කලාට මේ අය යා යුත්තේ සිරිකොතට

  8. Bitter Truth says:

    ජහපාලන මර්දනය නතරවෙලා ජනතාවට ඇහුම් කන් දෙන නායකත්වයක් ඉන්නකොට ඔහොම තමයි.

Main News