ආසාදිතයන් ඉහලට.. ඉඩකඩ ඇති රෝහල් කොරෝනා රෝගීන් සදහා කඩිනමින් පවරා ගනී…

December 17, 2020 at 6:29 am | lanka C news
ආසාදිතයන් ඉහලට.. ඉඩකඩ ඇති රෝහල් කොරෝනා රෝගීන් සදහා කඩිනමින් පවරා ගනී…

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (16 ) දින මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය.

දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් මෙම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබදව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමු විය. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

පරීක්ෂණ වාර්තා පිළබඳව හෙළි වූ කරුණු අනුව මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව PCR පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවද මෙහිදී හෙළි විය.

රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය,හෙද,පර්යේෂණාගාර ඇතුළු කාර්ය මණ්ඩල සහ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ දැඩි අවධානයට ලක් වූ අතර ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල, ප්‍රවාහ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්,‍ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්

13,112 views

5 Comments to “ආසාදිතයන් ඉහලට.. ඉඩකඩ ඇති රෝහල් කොරෝනා රෝගීන් සදහා කඩිනමින් පවරා ගනී…”

  1. Hudson says:

    Kaali paniyata mokada wune?. SL President has a childish maturity.

  2. NAK says:

    මග‍ේ ප්‍රශ්නය දැන් 500 -600 ‍‍මුඛ ආවරන පළදින්න‍නෙ නැතුවද ලෙඩ ‍වෙන්න‍ෙ?

  3. ඩිංගිරි says:

    පස්සෙන් ගිහින් බලෙන් පරීක්ෂණ කොරලා ඉහෙන් බහින රෝගයක් නැති උනුත් කොරෝනා ලෙඩ්ඩු කොරන කොට ලෙඩ්ඩු වැඩි වෙන එක පුදුමයක්ද? පි සි ආර් කට්ටල ගෙන්නන උන්ටයී, මාස්ක් මහන උන්ටයී ඉන්ටනෙට් සේවා සපයන කොම්පැනි වලටයී, පෞද්ගලික රෝහල් වලටයී, දොස්තරයන්ටයී මේ දවස් වල රජ මගුල්. අනික් උන්ට හුලං. ලොකුම විහිලුව තමයී ඉහෙන් බහින් ලෙඩක් නැති උන්ට කොරෝනාව උන්ට දැනෙන්නේ නැති උනාට උන්ට කොරෝනාව තියෙන නිසා උන් අනික් උන්ට බෝ කොරනවා කියන එක. හැබැයී සබැ තත්වේ නං කිලෝමීටරයක 341 දෙනෙක් ජනතාව කොටු වෙලා ඉන්න (ජන ඝනත්වය) මිලියන 21.67ක් ජීවත් වෙන වර්ග කිලෝම්ටර් 65,610ක් වෙන මෙච්චර කුඩා දූපතක ඉතාම අධික වේගයකින් ව්‍යාප්ත වෙනවා කියන කොරෝනාව මුළු අව්වුරුද්ධක් ඇතුලතම හැඳිලා තියෙන්නේ තාම 34,121 දෙනෙකුට විතරයී එයිනුත් දැන් වෙනකොට 24,867ක්ම සුව වෙලා. ඒ කියන්නේ දැන් ඉන්නේ රෝගීන් 9254ක් විතරයී. සාමාන්‍යයෙන් අවුරුද්දකට 150,000 ආසන්න ප්‍රමාණයක් මැරෙන මේ රටේ තාම කොරෝනාවෙන් සිදුවුණු මරණ ගණන 154යී. මියැදුණු 154 දෙනාම වෙනත් දරුණු මාරාන්තික රෝග වලින් පෙළුණු අය.

  4. ඩපයා says:

    2019 යේ 99,120 දෙනෙකුට ඩෙංගු වැළඳුනා. මෙය 2018 ඩෙංගු වැළඳුන ගණන වගේ දෙගුණයක්. 2019 වාර්තා වුනු ඩෙංගු මරණ ගණන 90යී. වෙනස තියෙන්නේ මේ මරණ සිද්ධ වුනේ ඩෙංගු නිසාමයී. හැබැයී කොරෝනාවෙන් මැරෙන්නේ වෙනත් මාරාන්තික රෝග ඇඟේ තියෙනවනන් පමනයී. මේ නිසා මොකෙකුටවත් නිසැකවම කියන්න බැහැ මේ මරණ සිදුවුනේ කොරෝනාවෙන්ම කියලා. ඒකට හේතුව කොහොමත් වෙනත් මාරාන්තික රෝග වලින් පෙලෙන අය ඔවුන්ට කොරෝනාව හැදුනා හෝ නොහැදුනා හෝ ඔවුන්ට ඇති වෙනත් මාරාන්තික ලෙඩ වලින් මිය යාමට හැකි සම්භාවිතාව වැඩි නිසා. දැන් වෙලා තියෙන්නේ පපුවේ අමාරුවකින් මරුන එකාටත් පරීක්ෂණයක් කොරල කොරෝනාවෙන් මැරුණා කියල ලේබල් එක ගහනවා. ඊට පස්සේ ජනමාද්‍ය කාරයෝ බ්‍රේකින් නිවුස් දදා කොරෝනා මරණ සංක්‍යාව ඉහල යනවා කියලා බෙරිහන් දෙනවා.

  5. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා රෝගය තමන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස (හිඟන්නාගේ තුවාලය ලෙස) යොදා ගන්නේ නම් එය සහගහන අපරාධයකි…..!

    කෙසේ වුවද, නිසි පියවර නොගෙන, රෝගය පාලනයකින් තොරව පැතිරීමට ඉඩ කඩ ලබා දී තිබෙන බව නම් පැහැදිළිය….!!
    වසංගත රෝග වෛද්‍යවරුන් මෙන්ම රජයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ද කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නොව, වෙනත් අංශ කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් නොරෝනා වෛරසය රිසි සේ පැතිර යමින් පවතී

Main News