ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

December 6, 2020 at 6:48 pm | lanka C news
ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

වතු ආශ්‍රිත ප්‍රදේශ දෙකක කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසතිදයන් විශාල ප්‍රමාණයක් වාර්තා විම නිසා ඉන් එක් වතු යායක කොටසක් සංචරණ සිමා පැනවිමටත් , තවත් වත්තක කොටසක් හුදකලා කිරිමටත් සෞඛ්‍යය අංශ නිලධාරින් (05) දින සිට කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ පහල කොටසට (05) දින සිට සම්පුර්ණයෙන්ම සංචරණ සිමා පැනවිමටත් , බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යයේ පහල කොටස සම්පුර්ණයෙන්ම (05) දින සිට හුදකලා කිරිමටත් සෞඛ්‍යය නිලධාරින් කටයුතු කර ඇත.

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ වත්ත පහල කොටසින් අසාදිතයන් 25 දෙනෙකු හදුනාගෙන අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර  ඇති අතර , (05) දිනයේදි පමණක් එම වතු යායෙන් ආසාදිතයන් 16 දෙනෙකු හමු වි ඇති අතර , ඒ අතර වයස අවු 16 ට පාසල් සිසුන් දෙදෙනෙකු සහ ගැබිණි මවක්ද සිටි බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසුවේ.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යායේ පහල කොටසින් මේ වන විට අසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර එම වතු යායේ වතු නිවාස පේලි 4 ක පදිංචි 147 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,962 views

4 Comments to “ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..”

  1. සමථ මණ්ඩලය says:

    ලංකාවේ හැමෝටම එකම බෙහෙත දෙන්න ගියොත් මුන් මරා ගන්නවා.
    එකම විසදුමයි තියෙන්නේ.

    බයියන්ට = සුදර්ෂණ පැණිය, ධම්මික පැණිය, වහරක උණ පැණිය
    ටොයියන්ට = පැකනිල්
    ජෙප්පන්ට = ගව මුත්‍ර

  2. If Local Traditional medicine can cure the Covid 19, Why delay to implement. Do we need to go to deadly situation.

  3. Gamarala says:

    කොරෝනා ඇතිඋනේ කෙසේද යන්න තවම ලෝක සෞක්කිය සංවිදානයට සොයා ගැනීමට බැරිවීම ගැන ප්‍රෙහෙලිකාවක්?

  4. HUKARIS says:

    Ratha suththaraye bale!!!.
    Mahadeviyan wana Allah, Jehova, Jesus, Shiva, saha kuda devi Kali, Katharagama, Vishnu, Gana, Paththini, Saraswatie , Gal Bandara, mekiee nokie ekekutawath Covid navaththana behe oooi.

    Lokaya avurudu biliona 13y, Humanla avurudu 250,000 ho 450,000.
    Koheda ooi Sara asankeyya kalpa laxe?.
    Hande Hawo, Kathakarana Vanduro,Watuwo ko?.
    Ganayo budu dahama vinasa karala kanda suuthra hadala.

    Budu hamuduruwo hitiyanam gahanne kossen.

Main News