ආසාදිතයන් වැඩිවෙන්නේ ඩෙල්ටා නිසා.. මැයි මාසයේ තත්වය නැවත ඇතිවේවි..

August 3, 2021 at 8:40 am | lanka C news
ආසාදිතයන් වැඩිවෙන්නේ ඩෙල්ටා නිසා.. මැයි මාසයේ තත්වය නැවත ඇතිවේවි..

කොරෝනා ආසාධිතයන් ඉහළ යමින් ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි ජාතික බෝවන රෝග විද්‍යායතනය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය සහිත ආසාදිතයන් සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මෙම තත්ත්වය කැපී පෙනෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත තවමත් ආසාදිතයන් දෛනිකව දෙදහසේ සීමාවේ යැයි සතුටු වීම බරපතල වරදක් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.

ජනතාව සෞඛ්‍යය නීති නිසිලෙස ක්‍රියාත්මක නොකළහොත් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද පැවසූ ඔහු එවන් තත්ත්වයකදී පසුගිය මැයි මාසයක් තිබූ තැනටම රට යළි ගමන් කරනු ඇතැයි ද කියා සිටියේය.

31,950 views

9 Comments to “ආසාදිතයන් වැඩිවෙන්නේ ඩෙල්ටා නිසා.. මැයි මාසයේ තත්වය නැවත ඇතිවේවි..”

  1. දෙව්ලොව පෙන්වා අපායට දැක්කවීම says:

    සියළුම ආගම්වලට අයත් සිද්ධස්ථානවලට බැතිමතුන් පැමිණීම සීමා කරන්න . ඉදිරි කාලයේ විවිධ ආගමික උත්සව පැවැත්වීමට නියමිතයි. තත්පර 15 ක් ඇතුලත 8 දෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ඩෙල්ටා ප්‍රභේදය ඕනෑම ආගමික කටයුත්තක් හරහා උනත් බෝවෙන්න පුළුවනි. ( මතකනෙ ඉන්දියාවේ කුම්භ මේලා රැල්ල )

    • කුළඟන සමිතිය says:

      මහා අටමහා කුසලින් එකක් වෙන කඨින පිංකම කරන කාලේ නිසා සාධුලා තරහ වෙයිද මන්දා … ලවුඩ්ස්පීකර් බැඳලා … කවිබණ දාලා …. පෙරහැර වෙනුවෙන් කීය කීය හරි එක්කහු කරගෙන.. දාගැබ වටා අටපිරිකර පූජා තියලා.. ඒ අටපිරිකරත් සල්ලි කරගෙන… ධාතූන් වහන්සේලා වඩමවලා… ඒ සල්ලි ටිකත් එකතු කරගෙන… තව කොච්චරක් නම් දේවල් තියෙනවාද ?
      ෂුවර් එකටම සාධුලා අදිනව ලෙඩේ..

      • Hi says:

        ලංකාවේ සාධුලා නෑ.ඒ ගොල්ලෝ බලන්න ඉන්දියාවට යන්න.
        පහුගිය කාලේ වෙසක් පොසොන් පොරවල් තිබුනා.පන්සල් වහලා තිබුනෙ.

        පන්සල් විතරද දැන් පෙන්නෙ. ඇයි උදේට හවසට යන කෝච්චි/බස්.

        ඒ වයෙ කොහොමද සෙන්ට් මීටරයක වත් පරතරයක් තියාගන්නෙ.

        රජයේ සේවකයන මොකො auto immune නැහැනෙ කොරෝනා වලට.

    • රූපසිරි says:

      කඨිනෙට කලින් අපේ ගමේ සෙනසුරාදා ඉරිදා ධර්මදේශනා සංවිධානය කරනවා. එකක දායකත්වය 15000 . හාමුදුරුනමක් වැඩමකරලා බණක් කියන්න එච්චර සල්ලි යනවද කියලා ඇහුව ලේඛම්ව හාමුදුරුවෝ එලවලා දැම්මා.

  2. Mithree says:

    වසංගත රෝග අංශයේ වැඩ බලන ලොක්කා පුටුව බේරාගන්න සත්‍ය නොකියන අවස්ථාවක ඔබ තුමා මෙසේ ප්‍රකාශ කිරීම ඉතාමත් වැදගත්. මහජනතාව සත්‍ය දැනගන්න අවශයි

  3. කුඹුක්කණ් says:

    ජනතාව ජනතාව හැම එකකටම ජනතාව, කොවිඩ් විකුණන් කන , වැක්සීන් වෙලෙන්දන්ගේ සේල්ස් රෙප් ලා වන බටහිර ඇලොපති හැතිකරේ ඉන්න කං කොවිඩ් වලින් බේරෙන්වා බොරු

    උං බෙහෙතක් කරන්නෙත් නෑ, දේශීය වෙදකමට හෝ ආයුර්වේදයට ඉඩ දෙන්නෙත් නෑ, නීති දාගෙන කොරෝනා රකිනවා
    කෝටි ගනං රටේ සල්ලි වියදං කරං තේරුමක් නැති වැක්සීන් ගහනවා, ඊට පස්සෙ වෙන ප්‍රභේදයක් ආවම මේ වගේ උගතෙක් ගොං කතා කියලා ජනතාව වැරදියි ලු..

    ජනතාව නෙවෙයි, බටහිර ඇලොපති මිත්‍යාව වැරදියි
    ඒ ආධිපත්‍ය වැරදියි
    ධනවාදී බටහිර විද්‍යාව ෆේල්

    ඒක කියපං.

    • ඩම්මිඛ භණ්ඩාර says:

      අපි හිතුවෙ උඹ කොරෝනාවෙන් මලයි කියලා… උඹලා රාවණා පුතීලා ,
      බුදු බණට හීලෑ හෙළ යක්කු කිව්වට වැඩක් නෑ. දැන්වත් නිහතමානී වෙලා , අතීත කාමය අතෑරලා ඉන්ජෙක්ෂන් දෙක ගහගණින්… ඉස්සරහට යන යන තැන බෙහෙත් විදපු බව සඳහන් කාඩ් එක පෙන්නන්න වෙන තැනට රට පත් වෙනවා..

  4. Norata Eka says:

    ජනතාව ඉතාම ඕනෑ කමින් එන්නත් ලබා ගන්නා රටක, ඉතා ශීග්‍රයෙන් එන්නත් කිරීම සිදු කරගෙන යන රටක, ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව මෙසේ ඉහල යන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු නොවේද???
    ශීග්‍රයෙන් එන්නත්කරණය කරන ලද වෙනත් රටවලත් මේ දේ සිදුවී ඇති බව ලෝක තොරතුරු සොයා බැළුවොත් පෙනී යනු ඇත…

  5. බයියා says:

    රට පුරා ආසාධිතයන් වාර්තා වන අවස්ථාවකදි මහා පරිමාණයෙන් ජනයා එකතු කර අගෝස්තු මාසයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන තරඟ විභාග තුලින් මුලක් සොයාගත නොහැකි කොරෝනා පොකුරු රාශියක් ඇතිවිය හැක. තරඟ විභාගයට මුහුණ දීමට ආසාධිතයන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන්ද හොර රහසේම පැමිණ විභාගයට මුහුණ දිම අනිවාර්යෙන් ම සිදු වේ.

Main News