ආසාදිතයෙක් සාක්‍ෂි දීලා.. විනිසුරුවරියක්, කාර්ය මණ්ඩලය, නීතීඥයන් නිරෝධායනයට..

July 15, 2020 at 10:04 am | lanka C news
ආසාදිතයෙක් සාක්‍ෂි දීලා.. විනිසුරුවරියක්, කාර්ය මණ්ඩලය, නීතීඥයන් නිරෝධායනයට..

කොරෝනා වෛරස අවදානම හේතුවෙන් ගම්පහ දිසා අධිකරණයේ විනිසුරුවරියක් සහ කාර්ය මණ්ඩලය 8 දෙනකු නීතිඥවරුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා ආසාදිත වූ අයෙකු නඩුවක සාක්ෂි දීම සඳහා මෙම දිසා අධිකරණයට පැමිණ තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඔවුන් සියලු දෙනාගේම කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට ද කටයුතු කර ඇත.

153 views
Main News