ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය වෙනුවෙන් ආසාදිත අගමැති ලේකම් පෙරට..
January 26, 2021 at 6:23 am | lanka C news
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සමාජ මාධ්‍ය වල සිදුකරන අපහාස උපහාස සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා විසින් සටහනක් තබා තිබේ.
ඒ මහතා ද මේ වන විට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී.
තම සමාජ ජාල ගිණුමේ ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන්වී දැක්වෙයි.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් ආසාදනය වූ බව දැනගත් මම කණගාටුවට පත්වුනෙමි.
කොවිඩ් ආසාදනයෙන් ප්‍රතිකාර ලබමින් සිටින මා ලෙඩ ඇඳේ සිටිමින්, සමාජ මාධ්‍ය වලින් ඇතැමුන් ඇයට කරන අපහාස උපහාස දුටුවෙමි.එවැනි හැසිරීමක් මිනිස්කමට නම් කිසිසේත් ම ගැලපෙන්නේ නැත.
කිසිවෙකු රෝගී වූ විට, කරුණාබරිත හදවතින් ඔවුන් දෙස බැලීම අපට උරුම වූ මානව ගුණයකි.එමෙන් ම එවැනි අයට නිරෝගී සුව ප්‍රාර්ථනා කර ආශිර්වාද කිරීමද අපට අනන්‍ය සංස්කෘතික ලක්ෂණයකි.
පවිත්‍රා දේවී අමාත්‍යතුමිය පසුගිය කාලයෙහි කොවිඩ් වසංගතයෙන් පොදු ජනතාව ආරක්ෂා කිරීමට ඉමහත් වෙර වෑයමක් දැරුවේ තම සෞඛ්‍යය පිලිබඳවද නොතකමිනි. පාරම්පරික හෙළ වෙදකම සහ බටහිර වෛද්‍ය විද්‍යාව සංකලනයෙන් කොවිඩ් පාලනය කල හැකි බව ඇතැම් බටහිර වෛද්‍යවරුන්ගේද අදහසයි.ඔවුන්ද ඒ වෙනුවෙන් පෙනීසිටියහ.දේශීය හෙළ ඔසු සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බැවින්,අමාත්‍යතුමිය ඒ වෙනුවෙන් කටයුතු කලේද,
විද්වත් සැමගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින්ය.එය අප සමච්චලයට ලක්කල යුතු කරුණක් නොවේ.
රටක් ලෙස ලොව බලවත්ව නැගෙන්නට අප සැම එක්ව ක්‍රියා කිරීමේදී, රෝගී වූ අයෙකුගේ දුක වේදනාවද තේරුම්ගත හැකි විය යුතුයි. එසේ නොමැති තැනැත්තන් මිනිසුන් යන නමටද නිගරුවකි.
මෙවන් අවස්ථාවක සියලු මාධ්‍ය ක්රියාකාරිකයන්ගෙන් මම කාරුණික පොදු ඉල්ලීමක් කරමි.එනම් රෝගී වූ කිසිම අයෙකුට අපහාස උපහාස නොවන ලෙස සමාජ ජාලා සහ මාධ්‍ය හසුරුවන ලෙසයි. සියලු ජනතාව දිරිගන්වන අදහස් වලින් මුහුණු පොතද බලගැන්විය හැකියි.
ලෝකයට මහා ව්‍යයසනයක් වී ඇති මෙම කොවිඩ් තත්වය හමුවේ අපේ රටේ ආර්ථිකය නැංවීම මෙන්ම, උතුම් මිනිස් ගුණාංගයන්ට පණ පෙවීමට සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරවන්න. එය මුලු මහත් සමාජය ම වෙනස් කරන පොදු හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.
කොවිඩ් වසංගතයෙන් රෝගී වූ සියලු ලෝක වාසී ජනතාවට සහ අපේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ලොව සැම සියලුදෙනා සුවයෙන් සුව ලැබ ගනිත්වා, එය යක්ශයන්වූ අපගේ එකම පැතුමයි
පැනිය හා මුට්ටිය හෙල වෙදකම නොවෙයි. මිනිස්සු උපහාසයට නගන්නේ මිත්‍යාව ප්රරවර්ඩනය කිරිම පමණි. එතුමියට ඉක්මන් සුවය පතමි .
We are sad that KALA GEDI pouring to GANGAs did not work!
Dont we in NAGA-LANTHYA?
Sory that පැණි මාත්රාවා not correct
මෙික ලියලා තියෙන්නේ අර ක්‍රිමිනල් නමින් සහ තව නමි 25 බත්බැලකමි කරන කුලි ලියන්නාට
උඹ හරි මචං
ඖෂධ මාෆියාවට කඩේ යන 3% එකෙක්. එක එක නම් වලින් උගේ කුණු කන රස්සාව කරනවා
ඇයට බනින්න හේතුව උනේ මම.හිතන්නේ brandix පොකුරේ මුල් අවස්ථාවේදි හා පෑලියගොඩ මුල් අවස්තාවේ මිනිස්සුන්ට බොරු නොකියා lockdown කරලා පාලනය කලානම් ඔයතරම් මිනිස්සු මැරෙන්නේ නැහැ අපේ රටේ…සමාජයට පැතිරිලා නැහැ කියලා බේගල් ඇදබාලා මුලු රටම කොවිඩ් කලාපයක් වෙන්න ඉඩ ඇරියා…වැඩපිලිවෙලක් බෙහෙතක් හොයා ගන්න අසමත් නිසා මුට්ටි දාලා පැනි බීලා සැබෑ තත්ත්වය සමාජයෙන් වසන් කලා….දිට්ඨ ධම්ම වේදනීය කර්මය විය හැකිය ….
Lol. Its hilarious to see how stupidly people think about some things and how stupids they think they know every damn thing.
Palayan nari buru Born Again, dankudu, polkudu kana eka! Umba buru lonthaya thamai Okkoma Danne, Umba gihin Mahiyage kollange Wahala, Slave wage hamadama hitapan.
May Almighty Allah bless her for speedy recovery
muttiya ko
දී කිරට බලල්ලුත් සාක්කිලු