ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි..

November 24, 2021 at 11:20 am | lanka C news
ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි..

ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.

මෙම උද්ධමනය ලෝකය මුහුණ දෙන කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවන උද්ධමනය අනුව ආරාධනා කර කැඳවාගත් උද්ධමනයක් බවද ඔහු පැවසීය.

ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි.

මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මෙය තවදුරටත් ඉහළ යාමට නොදී පාලනය කරගත නොහැකි වුවහොත් සමස්ත ආර්ථිකයටම ඉතා විශාල බලපෑමක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කරයි.

70,752 views

33 Comments to “ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි..”

  1. NuwanJ says:

    මෙතන අදහස් දක්වන්නෙ අද තියන ලොක තත්වය යහපාලන කාලයට සමාන කරල
    ලෝකෙටම මෙච්චර විනාශයක් වෙලා තියන වෙලාවක අපිට විතරක් මෙක නොදැනී තියෙයිද
    රටේ ආදායම නැත්තට නැතිවෙච්ච කාලයක

    මොනව වුනත් මුහුදු මහ විහාරය කූරගල වගේ අපේ දේවල් කොල්ලකාපු ආගමික අන්තවාදින්ගෙන් නම්
    අද කරදරයක් නෑ

  2. Athula says:

    කොහොමත් පරිප්පුව හොඳටම කනතුරු ජනතාවගෙන් බහුතරයක් මේ තක්කඩි හොරු කණඩායම් දෙකම කරන විනාශය කොතරම් පෙන්වා දුන්නත් පිළිගන්න සුදානම් වුයේ නැහැ එදා සිට මේවට හේතු ඇතිව ඉතාම සරලව උදාහරණ සහිතව පෙන්වා දුන්න සිය දහස් වාරයක් අනුර ඇතුළු ඔවුන්ගේ අනෙකුත් නායකයින් එදා මේවා පෙන්වා දෙනකොට ඔවුන්ට මොනතරම් නින්දා අපහාස කලාද තක්කඩින්ගේ සිහින මාලිගා මවාගෙන අද ඒ සියළුම විනාශයන් අප ඉදිරියේ අදටත් තක්කඩි පාලකයෝ නොයෙක් හේතු දක්වමින් කර අරිනවා තවමත් හොර කම දුෂණය කිසිම හිරිකිතයක් නැතුව කරනවා උන්.. වෙනස් නොවුනොත් ජනතාව ඉදිරියේදී මේ පාහර දේශද්‍රෝහී රැල රටම වෙන්දේසි කරලා උන් උන්ගේ රටව
    .

  3. Gorilla says:

    අපිට බඩගින්නේ ඉන්න වෙයි. කමක් නැ.මේක තනිකරම ඔයාගේ ගොං මොලෙන් ගෙනාව සාගතයක් සර්. අපි ඇගිලි ගෙවෙනකම් ටයිප් කලා මේ ගොං වැඩේ කරන්න එපා කියල. ගොවියෝ නිලදාරීන් මහාචර්‍යවරු පුලුවන්තරම් කිව්වා. ඇහුවේ නැ. දැන් ඔයාමේ කරපු විනාසයට හරි යන්න ඔයා දඩුවමක් විදින්න මිනිහෙක් වගේ.

  4. calista says:

    බෝම්බය සැලසුම් කර ඒමතින් මළ කදන් මත ආ තොපි අද වනවිට රට අවසන් ගමනට ලඟා කර ඇත අමන තීරන මීහරකා ගේ උඩගු තීරන
    රටට කෙලවී හමාරය ගත් හැම තීරනම ආපසු
    හැරවීමට සිදුව ඇත රට යමක් සිදු නොවීම රට ආපස්සට %1000 ක් ගෙන ගොස් ඇත දැන් උබලා කොරා හොදටම ඇතිය පලයල්ලා හොරාකාපු සියල්ලම රැගෙන අපේ රට මේක රාජපක්ෂලාට පමණක් අයිති නොවනු ඇත

  5. ගොන් බන්දු says:

    ” උපුටා ගැනීම
    ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි..”
    උපුටා ගැනීම අවසන්

    කව්ද කියන්නේ? අපිට කිසිම අහේනියක් නෑ. කන්න බොන්න ඉතිරෙන්න, සල්ලි පැටව් ගහනවා තොගේට, බොරු කියල අපිව රවට්ට හැදුවට, වර්තමාන ආණ්ඩුවට පිටින් යන්නේ නෑ

  6. ගොන් බන්දු says:

    කව්ද කියන්නේ? අපිට කිසිම අහේනියක් නෑ. කන්න බොන්න ඉතිරෙන්න, සල්ලි පැටව් ගහනවා තොගේට, බොරු කියල අපිව රවට්ට හැදුවට, වර්තමාන ආණ්ඩුවට පිටින් යන්නේ නෑ

  7. LalithM says:

    මිනිස්සුන්ට හැමදාම හැඟීම් පාලනය කරගන ඉන්න බෑ.කවදහරි පුපුරණවා. අසීමිත ලෙස බලය මත රජයක් ගෙනයන්නත් බෑ. ඒකාධිපති සාර්ථක වුනා හොරාකාපු නැතිඅය.ලී ක්වාන් යූ, මහතිර් වගේ. හොරාකාපු එවුන් ජීවිතයෙන් හෝ සිරබත් කෑමෙන් වන්දි ගෙව්වා.

  8. Silva says:

    බලමු කන්න නැතිව කී දෙනෙක් මැරෙයිද කියලා ?

  9. Brwijesingha says:

    බැමිණිටියා සායට පසු ලොකුම සාගතය සර් ගෙන්

Leave a Comment

Main News