ආසියාවේ ධනවත්ම පවුල රාජපක්ෂ පවුලයි.. නාමල්ගේ ඔරලෝසුව ලක්ෂ 65යි..
July 29, 2020 at 1:20 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඔරලෝසුවක වටිනාකම ලක්ෂ 65 ක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා පවසයි.
තවත් ඔරලෝසුවක් ලක්ෂ 54ක් බවත් නාමල් රාජපක්ෂ මහතාට එවන් ඔරලෝසු 30ක් පමණ ඇති බවත් ඔහු කියා සිටියේය.
අද රාජපක්ෂ පවුල ආසියාවේ ඉන්න පොහොසත්ම පවුල බවට පත්වී ඇති බවද ඔහු පැවසීය.
අද නාමල් රාජපක්ෂ මහතා පදිංචි වී සිටින්නේ කොළඹ හතේ නිවසක බවත් එය ලක්ෂ 3000කට වඩා වටිනා බවත් සේනසිංහ මහතා සදහන් කලේය.
සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
පසුගිය වසර පහේම රාජපක්ෂලා ගෙ සල්ලි හෙව්වා නේද? රාජිත දැක්ක ඩොලර් බිලියන ගනනක් ගේන්න ඩුබාය් ගියා නේද?
රටේ තිබ්බ කර්මාන්තශාලා ගිනි තියපු එකයි, 90,000ක් මරපු එකයි එකයි ඇරෙන්න ජෙප්පො රටට කරපු වැඩක් තියනවද බන්?
යහපාලන ආන්ඩුවේ බලය ලැබිලත් ජෙප්පෝ රටට කරපු වැඩේ මොකද්ද? වැඩ බැරි කම වහගන්න හිටගෙන පච විදින එකයි ජෙප්පො කරන්නෙ. බනාන සුජියත් ජෙප්පන්ව අනුගමනය කරණවා.
hewwe ne bola ….yata gahuwa misak …….