ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව බවට පත් කරන්නයි අපි හදන්නේ..- ජොන්ස්ටන්

September 7, 2020 at 4:40 pm | lanka C news
ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව බවට පත් කරන්නයි අපි හදන්නේ..- ජොන්ස්ටන්

දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් කෘෂි කාර්මික අංශයේ සියළුම නිලධාරින් වෙත ජනාධිපතිතුමන් උපදෙස් දී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ කුරුණෑගල මහනාන්නේරිය ගම්මානයේ ගම්වාසීන් සමග ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතාවයන් පිළිබදව සොයා බැලීමට ගොස් ඔවුන් සමග සුහද කථාබහකට එක්වූ අවස්ථාවේදීය.

මේ රටේ මාර්ග පද්ධතියේ කිලෝමීටර් 100,000ක් කඩිනමින් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අළුතින් අධිවේගී මාර්ග කිහිපයක් ආරම්භ කරනවා. එමගීන් ග්‍රාමීය ජනතාවගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් ප්‍රධාන නගර වලට ගෙනවිත් එම නිෂ්පාදන සදහා සහතික මිලක් නිර්මාණය කර ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරිමට අපගේ රජය බලාපොරොත්තු වෙනවා. රටේ ආනයනයන් සීමා කර ජනතාවට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය රටතුල නිෂ්පාදනය කිරිමට ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. සරුංගලය පවා විදේශ රටවලින් ගෙන ආ යුගය අවසන් කර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් රට තුල ඇති කර “සංවර්ධනය වෙමින් පවතින රටක්” යන නාමයට තිත තබා සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන අවසන්.

බඩඉරිගු වැනි දේශිය බෝග රට තුල වගාව රට තුල ව්‍යාප්ත කිරිම මගීන් තිරිඟු පිටි ආනයනය සදහා වැය කරන මුදල් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. විදේශ රටවලින් ආනයනය කරන කෘෂි නිෂ්පාදන සදහා සීමා පනවා දේශීය ගොවියාගේ නිෂ්පාදන සදහා නිෂ්චිත මිලක් ලබා දීමට මේ වන විටත් පියවරගෙන ඇත. අපි මේ සීමාවන් පනවන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා දේශිය ගොවියන් දිරිමත් කර ඔවුන්ව ආරක්ෂා කිරීමටයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ඇති රට බවට අපිට පත්වන්න පුළුවන් බව මාගේ විශ්වාසයයි.

2015ට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ සහල්, කුකුල් මස්, බිත්තර වැනි දෑ මෙරටට ආනයනය සීමා කලා. නමුත් පසුගිය යහපාලන සමයේ මේ සියල්ල පාලනයකින් තොරව ආනයනය කලා. එම නිසා දේශිය කර්මාන්තකරුවන් අධෛර්යමත් වුණා. මේ වන විට අප රට තුල කහ සදහා ඉහල ඉල්ලුමක් ඇති වී තිබෙනවා.

අද වෙළදපොළේ කහ කිලෝග්‍රෑමයක් රු. 4000ත් 5000ත් අතර අධික මිලකට අලෙවි වෙනවා. දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් කෘෂි කාර්මික අංශයේ සියළුම නිලධාරින් වෙත අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් දී තිබෙනවා. සමහරු අපෙන් ප්‍රශ්න කරනවා දේශීය වෙළදපොලේ හිඟ නිෂ්පාදනයන් ආනයනය කර වෙළදපොළට මුදා නොහරින්නේ ඇයි කියලා. අපි ඔවුන්ට ඒ සදහා ඉඩ ලබා දුන්නොත් ඔවුන් විශාල පරිමානයෙන් ඒවා ආනයනය කර ගබඩා කර තබා අපගේ අස්වැන්න නෙලන කාලතුලදී වෙළදපොලට ඒවා මුදා හැර දේශිය කෘෂි කර්මාන්තය අඩපන කරනවා. ඒ වගේම දේශිය ගොවියා අධෛර්මත් කරන්න අතරමැදි වෙළෙන්දන් ඒ මගීන් උත්සහ කරනවා.

මේ වන විට රාජ්‍ය හා වාණිජ බැංකු වල පොලී අනුපාතයන් අඩු කර එමගීන් ජනතාවට සහන රැසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බැංකු පොලී අනුපාත වලින් ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් නිර්මාණය කිරිමට අප රජය බලාපොරොත්තු වෙනවා.

මධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

13,786 views

23 Comments to “ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව බවට පත් කරන්නයි අපි හදන්නේ..- ජොන්ස්ටන්”

  1. sam says:

    First curb the corruption will you. We will never develop as long as large scale corruption remains.

    • kamal says:

      2015 හිටන්ට සහ කොටලු රෑනට රට දෙනකොට දකුණු ආසියාවේ වේගවත්ම වර්දනය වන ආර්ථිකය, මුළු අසියවෙන්ම අංක 02, 2019 ආපහු දෙනකොට දකුණු ආසියාවේ අංක 11, ඇෆ්ගනිස්තානේ එක්ක සමව. කොහොමද ජහපාලන අශ්වර්ය?? ඒ කොටළුවන්ට බැනල වැඩක් නෑ, උන්ව පත් කරපු ගොබ්බ සේනලා තමා මේ අපරදෙට වග කියන්න ඕනේ, රැල්ලට පැනල system වෙනස් කරපු උන්

    • නන්ද සෙන ජාගොඩ says:

      ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව බවට පත් කරන්නයි අපි හදන්න කලින්
      තමාගේ ගමේ කුරුණෑගල පුරාවස්තු ඩෝසර් කරපු ඒකාව මුලින්ම අල්ලලා හිටපං
      එ පුරාවස්තු විනශ කරපු එකාව අල්ලන්න බැරි එකා ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ශ‍්‍රී ලංකාව කරන්න යනවලු පිස්සා

  2. දිස්නෙ දෙන්න says:

    තාක්ෂනෙන් අපි බොහොම යටින් ඉන්නෙ තාක්ශනේ නැතත් කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න ණය අරන් නමුත් ණයේ තරමට අදායමක් නෑ. ජොනී සංවර්ධනේ කියල අධිවේගී මාර්ග කොන්ක්‍රීට් තාර දාන්න වගේ.
    මොනව කියල ඉන්දියාවට උපහාස කලත් උන් උන්ගෙ තාක්ශනේ ගොඩගන්න දන්නව දැන් වෙද්දි hyper-sonic glide vehicle එකක් හදල ඒකෙ scram jet එක ඔවුන්ගේම තාක්ෂණයට අනුව. ඇමරිකාව,රුසියාව,චීනයට පස්සෙ තමන්ගේම තාක්ෂණයෙන් එහෙම දෙයක් හදපු රට බවට පත් වෙලා. අපිට තියෙනව නෙළුම් කුළුණු කොන්ක්‍රීට් පුරවල වීදුරු කෑලි අල්ලල දිස්නෙ දෙන්න ලයිට් හයි කරල ටිකක් පොෂ් විදිහට පේන්න ඒකත් ණයට.

  3. Love nature says:

    “හෙළ ජාතික අභිමානේ
    වැඩු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව්, පිබිදෙව්, සැරසෙව්

    වීර විකුම් පෑ පෙර දරුවෝ – දෙස රැස මුර කෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ – නොමවව් ණයකරුවෝ
    දැය දියුණට පැද යන නැවියා – ගොවියා බිම දෙවියා
    විපතෙහි-සැපතෙහි-නොසැලෙයි-නොතැවෙයි
    අටලෝ දම හුරු හෙළයා

    මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
    ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
    අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
    පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා

    • john the baptice says:

      ඔය සින්දුව සමිතා එරන්දතී ලස්සනට කියනවා 😀

  4. ජූඩ් සම්පත් says:

    ගස් ටික කපලා වන සම්පත නැති කරලා හොයන සල්ලි වැඩක් නැහැ මහත්තයෝ

    • රතුඑලියේ අතන says:

      අම්මාද කිව්වේ?

    • කොක් මොස්සුයර් says:

      ඉස්සරහට රජයේ ඉඩම් ගොඩාක් විදේශිකයන්ට විකුණන්න නියමිතයි. එහෙම සල්ලි අපට එපා.

  5. ata pass messekgiya UD
    A? bar erala rata wanasala
    diyunu karayi. nodokin rajaye ugattu

  6. Banda says:

    Oya kiyana Eva kohomavunath ethanol valin nam sri lankava asiave 1 vei

  7. saman says:

    ඔබතුමාලා ඒකට තමයි උත්සාහ කරන්නෙ. අපිත් උදවු කරන්නම්. පුලුවන් ඉක්මනට කරන්න.

  8. Mtmmanvar says:

    Kasippu walin danatamath idiriyen.

    • sanath says:

      Mtmmanvar..oba oya kiyanne oo gollange naliyana bandara gana neda…?
      obata amathaka welaa. dan thiyenne ponilge. pad sajige aanduwa newei.
      sugar nipadawanaa kiyala ethanol perapu dayaa,,bara ayth okkoma gedara giyaa.

  9. දුටුගැමුණු says:

    තව අවුරුදු 5 කින් ආසියාවේ ශක්තිමත්ම පෝසතා ජොනී බිල්ගේට්ස් ලු ! 😀😀😀

  10. dawalda….. rate arthikayada..naththam culprit Jonny ge arthikayada….🤣 pada show…

Main News