ආසියාවේ හොදම මුදල් ඇමති රවි කරුනානායක – ‘ද බෑන්කර්’

January 10, 2017 at 12:40 pm | lanka C news
ආසියාවේ හොදම මුදල් ඇමති රවි කරුනානායක – ‘ද බෑන්කර්’

මුදල් ඇමති රවි කරුනානායක මහතා ‘ද බෑන්කර්’ සගරාව විසින් ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස නම් කර තිබේ.

එහිදී අධ්‍යනය කර ඇත්තේ පවතින තත්ත්වය කළමනාකරණය කර රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ගන්නා ලද කි‍්‍රයාමාර්ගයි.

මුදල් ඇමති රවී කරුණානායක විසින් කෙටි කලක් තුල එවන් කි‍්‍රයාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඉන් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.

බදු ආදායම ඉහල දැමීම, බදු ක‍්‍රමය සරල කිරීම, බදු ගෙවීමට ජනතාව පෙළඹවීම ආදී හේතු නිසා රවී කරුණානායක මහතා ඇගයීමටද ලක්ව ඇත.

විදේශීය ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද මුදල් ඇමතිවරයා සමත් වූයේ යයි එහිදී නිරීක්ෂණය කර තිබේ.

163 views