ආසියා-ෆැසිපික් දන්ත සමුළුවක් ශ්‍රී ලංකාවෙි දී…

July 2, 2017 at 2:29 am | lanka C news
ආසියා-ෆැසිපික් දන්ත සමුළුවක් ශ්‍රී ලංකාවෙි දී…

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 84 වන වාර්ෂික සැසිවාරයේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.

‘සායනික සේවයේ වැඩිදියුණුව සහ අභියෝගයන් යන තේමාව යටතේ මෙම සංගමය විසින් පවත්වන වාර්ෂික සැසිවාරය ඉතාම වැදගත්. මෙය මගේ වෘත්තීය සගයන් හමුවන අවස්ථාවක්.

දන්ත වෛද්‍ය වෘත්තීයේ ආරම්භය වසර 100 කට වැඩියි. පසුගිය දශක 07 ක කාලය තුල පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 2500 කට වඩා බිහි කර තිඛෙනවා. හතලිහ දශකය අග භාගයේ දී වසරකට සිසුන් 10 ක් 12 ක් වැනි අඩු සංඛ්‍යාවක් තමයි බදවා ගත්තේ. මම සරසවි වරම් ලබාගත් කාලයේ දී එය 35 ක් පමණ වුනා. දැනට ශ්‍රී ලංකාවෙි දන්ත ශල්‍ය වෛද්‍යවරු 2000 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරනවා. එමෙන්ම මෙරට දන්ත වෛද්‍ය සේවාවෙි යටිතල පහසුකම්වල ස්ථාවර වර්ධනයක් ඇති කරමින් තිඛෙනවා.

තව ද නව තාක්ෂණයෙන් යුත් දන්ත වෛද්‍ය ආයතන ශ්‍රී ලංකාව සතු වෙනවා. අපි ඉතාම ඉක්මණින් දන්ත වෛද්‍ය සීමාවාසික වැඩසටහන් ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වසර 05 ක කාලය තුල මෙරට දන්ත වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් දැක් වූ අඛණ්ඩ දායකත්වය පිළිබද ලෝක දන්ත වෛද්‍ය සම්මෙිලනයට ස්තූතිය පුද කරනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය මගින් දන්ත වෛද්‍යවරුන් අතර ශක්තිමත් සබදතාවයක් පවත්වාගෙන යනවා. ක්ෂේත්‍රය තුළ අධ්‍යාපන හා වෘත්තීය වශයෙන් පුහුණුවීම් කෙරෙහි ඵලදායි සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ද ඒ තුළින් හැකි වී තිඛෙනවා. 2017 වසරේ දී ආසියා-ෆැසිපික් දන්ත වෛද්‍ය සංගමයේ සමුළුව ද ශ්‍රී ලංකාවෙි දී පැවැත්වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

32 views

One Comment to “ආසියා-ෆැසිපික් දන්ත සමුළුවක් ශ්‍රී ලංකාවෙි දී…”

  1. nera says:

    me kiyak kuttiyata labunada. vena amathyanshavala news nadda. hooooo oyalage ammalava vikunagena kanava ne…

Main News