ආසිරි රෝහලේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සැප්තැම්බරයේ.. ආණ්ඩුව අනුමැතිය දීලා..

June 17, 2020 at 4:40 pm | lanka C news
ආසිරි රෝහලේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සැප්තැම්බරයේ.. ආණ්ඩුව අනුමැතිය දීලා..

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරට ආසිරි පුද්ගලික රෝහල විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාලයක් සමඟ එක්ව මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සඳහා කොළඹ ආසිරි රෝහල විසින් දැනටමත් සැලසුම් සකස් කර අවසන් යැයි ද ඔහු පැවසීය.

ආසිරි රෝහල විසින් තම ඉදිරි දැක්ම යටතේ මේ බව සඳහන් කර ඇති බවත් ආණ්ඩුව විසින් එය දැනටමත් අනුමත කර අවසන් බවත් ඔහු කියා සිටියේය.

හිටපු මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළේ ය.

453 views

40 Comments to “ආසිරි රෝහලේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සැප්තැම්බරයේ.. ආණ්ඩුව අනුමැතිය දීලා..”

  1. Lanka says:

    වෛද්‍ය විශ්ව විද්‍යාල විතක් නොව අනෙකුත් විෂයන් වලත් මේවා ඕන. හැබැයි ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම මනින ඉන්ටනැෂනල් මට්ටමේ ක්‍රමවේද විභාග ඕන මේ පාඨමාලා හදාරන්න කලින්.

Main News