ආහාර උද්දමනය 45%යි.. මහ බැංකු නිල වාර්තාව මෙන්න..

May 24, 2022 at 10:40 am | lanka C news
ආහාර උද්දමනය 45%යි.. මහ බැංකු නිල වාර්තාව මෙන්න..

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 21.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 33.8ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 29.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 45.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 14.5හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 23.9 දක්වා ඉහළ ගියේය.

2022 අප්‍රේල් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.22ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 6.03කින් සහ සියයට 4.19කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, නිවාස කුලී සහ එල්.පී. ගෑස්), සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 10.6හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 13.0 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 17.3හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 27.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 8.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 10.2 දක්වා ඉහළ ගියේය.

20,275 views

3 Comments to “ආහාර උද්දමනය 45%යි.. මහ බැංකු නිල වාර්තාව මෙන්න..”

  1. BRICS says:

    රුසියාවෙන් නොමිලේ වගේ ඩොලර් නැතිව ලංකාවට තෙල් දෙන්න සූදානම්.
    මොවුන් 225+1 ම ඒ දෙස ඇහැක්වත් ඇරලා බලන්නේ නැතිව ඩොලර් ගේන විදි ගැන රටට සුරංගනා කථා කියනවා.
    මේ රුසියන් තෙල් කාරනයේදී පාර්ලිමේන්තුවේ 225ද ඇතුලුව වෙන වෙලාවට බොරු ඇමෙරිකන් විරෝධයක් පාන රතුපාට එල්ලාගෙන සමාජවාදී වෙස්මූනට මුවාවී සිටින බොරු වාමාංශිකයන්ද බටහිර වහලුන් පිරිසක් බවට හෙලිදරව් වුනා.
    රුසියන් තෙල් යුගයේ හොඳම ලිට්මස් පරීක්ෂාවයි.
    රුසියන් තෙල් මාතෘකාවේදී මොවුන් තම නිදහසට ගෙන යන ප්‍රචාරය නම් ‘රුසියාවෙන් ගත්තොත් අපට සම්බන්ධක වැටිලා අපේ ආර්ථිකය වැටෙනවානේ”යන්නයි.එය එම්බාම් වෙමින් ඇති මළ මිනියක්” අයියෝ මගේ අතුනු බහන් ඉවත් කරන්න එපා මා මැරේවි” යයි කිව්වා හා සමාන විහිලුවකි.
    චීන පොහොර වලට අසූචි කියපු ඉන්දියන් පොහොර වලට මූත්‍රා යයි කියපු BRICS විරෝදී බටහිර බළල් අඬු කල්ලියම රුසියන් තෙල් ගත්තොත් අපට සම්බන්ධක වැටෙනවා යයි ප්‍රචාරය කරමින් සිටී.

    • BRICS says:

      (ඉහත සම්බන්ධ ලෙස සඳහන්ව ඇති වචනය සම්බාධක ලෙස නිවැරදි විය යුතුය).
      රුසියන් තෙල් අභියෝගය යුගයේ හොඳම ලිට්මස් පරීක්ෂාවයි.
      එම කාරනයේදී ඇමෙරිකාව සහ නේටෝව සමග රුසියාවට එරෙහි සිටින පාර්ශවය සහ ඇමෙරිකාවට හා නේටෝවට අවනත නොවන රුසියානු හිතවාදී පාර්ශවය ලෙස ලෝකය දෙකට බෙදී ඇත.
      මැදක් නැත.ඒ දෙපැත්තන් එක් පැත්තක් හැම දේකටම, හැම දෙනාටම තෝරා ගැනීමට සිදුවී ඇත.
      එම කාරනයේදී ඔබේ පක්‍ෂය, පක්‍ෂ නායකයා, යූ ටියුබර්ස් යන හැම දෙනාම ඒ පැති දෙකෙන් එකකට වැටේ.එමෙන්ම යම් කපටියකුගේ අවස්ථාවාදී නිශ්ශබ්දතාවයේ තේරුම ඔහු US, NATO කදවුරේ සහයකයෙක් බවයි.

  2. Kasun says:

    Pacha vaarthawa

Main News