ආහාර නෑ.. පාසැල් සිසුන් 30-40%ක් පැමිණීම අඩුවෙලා.. උදේ රැස්වීමෙදී ක්ලාන්තවීම ඉහලට..

August 10, 2022 at 5:30 pm | lanka C news
ආහාර නෑ.. පාසැල් සිසුන් 30-40%ක් පැමිණීම අඩුවෙලා.. උදේ රැස්වීමෙදී ක්ලාන්තවීම ඉහලට..

30-40% අතර ප්‍රමාණයකින් පාසල් සිසුන්ගේ පැමිණීම අඩු වී ඇතැයි විදුහල්පතිවරුන් සඳහන් කරති.

ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පෙන්වා දෙන්නේ ආහාර අහේනිය හා ඉන්ධන ප්‍රශ්නය මූලික වශයෙන් පාසැල් දරුවන්ගේ පැමිණීම අඩු වීමට හේතු වී ඇති බව හෙළිව තිබෙන බවයි.

එහි ප්‍රධාන ලේකම් මොහාන් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකිව දරුවන් පාසල් යා ගත නොහැකිව සිටින පවුල් විශාල ප්‍රමාණයක් ග්‍රාමීය මෙන්ම නාගරිකව ද සිටින බවයි.

ප‍්‍රවාහන ප්‍රශ්නය නිසා ජනප්‍රිය පාසල් වලින් දරුවන් ඉවත්කරගෙන ළඟම පාසල් වලට ඇතුළත් කර ගැනීමේ ප්‍රවණතාවයක් ද පැන නැගී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

සෑම දිනකදීම පාසැල් වල උදේ රැස්වීම් වල දී සිසුන් අතුරින් සැලකිය යුතු පිරිසක් ක්ලාන්ත වන බවත් ඒ පිළිබඳ සොයා බැලීමේදී ඔවුන් නිරාහාරව පැමිණ ඇතැයි හෙළි වන බවත් ඔහු පෙන්වා දෙයි.

පාසැල් දරුවන්ගෙන් 60%ක පමණ ප්‍රමාණයක් දිවා ආහාරය රැගෙන නොඑන බව ද පැවසූ ඔහු පාසැල් දරුවන්ට පමණක් නොව ප්‍රවාහන ප්‍රශ්නය මේ වන විට ගුරුවරුන්ට ද බලපා ඇතැයිද සඳහන් කළේය.

5,722 views

6 Comments to “ආහාර නෑ.. පාසැල් සිසුන් 30-40%ක් පැමිණීම අඩුවෙලා.. උදේ රැස්වීමෙදී ක්ලාන්තවීම ඉහලට..”

  1. කීර්ති නගරගිරි. says:

    තම පටු වාසි තකා ලාංකීකය ජාතියම මෙවන් තත්වයකට පත්කල සියලුම නිලධාරීන්ට හා දේශපාලුවන්ට ශාපවේවා…

  2. කැපුවත් පොහොට්ටුවට says:

    අමු පච නිව්ස්.

  3. Lalla says:

    මහරජානන්ට වැඳපු අයටම තමා මේ ප්‍රශ්නය වැඩි. ඔවුන් තමා වැඩිපුරම පිනට හම්බ වෙන දේ මත යැපුනේ. ඉදිරියට තම ආදායම අනුව පවුල සැලසුම් නොකරන කිසිවෙකුට මෙරට ජීවත්වෙන්න බෑ.නිකමුන්ට ජීවත්වෙන්න බෑ වගේම ඉඩදෙන්න ඕනත් නෑ.

  4. aanamaduwe maanavadu says:

    oya boruwata nethi muslim prashnayak allagena pinbath gila gilaa ratata kisima deyak nokara aagama vikunaag
    ena kana uru thadiyaa gnaanasaaraya vagewunta dena daanaval vahaama nathara korala uge gubbeyama ethu
    le thiyena kema beema serama balenma aran ewith paasel ena duppath lamainta kanna diya yuthui. issarawela
    oka korapalla.

  5. අනන්තෙන් ආ ලප කුමරා says:

    මේකෙ ලියන අරගලේ චීත්ත නිව්ස් වලට වැටෙන අරගලේට බැනල දාන කමෙන්ට්ස් මේ නිව්ස් වලට වැටෙන් නැ 😁

  6. ප්‍රදීප් ද සිල්වා says:

    බොහෝවිට ලංකාවේ සංගම් බොහොමයක මුල්පුටු දරන්නේ දේශපාලන ගොට්ටන් විසිනි.දේශපාලනය ගොට්ටන් ගෙ මනදොල පිරෙන්නෙ ලංකාවේ දරුවන් හයිටියෙ , සියොරාලියොන් හි වගෙ දරුවන් පස් වලින් බිස්කට හදාගෙන කෑවොත් ය.නැත්තන් දරුවො කුණු බක්කිය පෙරළාගෙන ඉඳුල් කෑවොත් ය.උන්ගෙ ඇත්ත හීනෙ රට එහෙම වෙනු දැකීමය.නැත්තන් ඕනෑම පාසැලක කන්න බොන්න අගහිඟකම් ඇති දරුවන්ට කෑම වේලක් සපයා දිය නොහැකි දෙමාපියන් ඉන්න තරමට මේරට වැටී නැත.හරිනම් විදුහල්පතිලා කරන්න ඕනෙ එහෙම දරුවන්ට කෑම ටිකක් දෙන්න පුලුවන් ක්‍රමයක් සියලු දෙමාපියන් කැඳවා ඊට විසඳුමක් සෙවීමෙනි.නැතිව තමන්ට ඕන ,තමන් කඩේ යන එකාව ජනාධිපති කරවන බොරු හීන වෙනුවෙන් පෙනී ඉඳීම නොවේ.ඇතඇත්තටම මෙහෙම විදුහල්පතිවරු මුලින්ම ලැජ්ජා වියයුතුය .රෙදි උනා දමා නිර්වස්ත්‍ර විය යුතුය

Main News