ආහාර විෂවීමෙන් පසල් දරුවන් 36 දෙනෙකු රෝහලට…

November 21, 2018 at 2:07 am | lanka C news
ආහාර විෂවීමෙන් පසල් දරුවන් 36 දෙනෙකු රෝහලට…

මුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ පළමු සහ සෙන වසර සිසු දරුවන්ට 19 දින ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් රෝහල් නිලධාරීන් පැවසූහ.

මුලතිව්, තුනුක්කායි, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා ආහාරය ගැනීමෙන් පසු පළමුව දරුවන් දෙදෙනෙකුට ආසාත්මිකාතාවන් හට ගෙන ඇති අතර පසුව සෙසු දරුවන් 43 දෙනාද මාන්කුලම් රෝහල වෙතට ඇතුලත් කිරීමට පාසල් ආචාර්ය වරුන් විසින් පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිසු දරුවන්ගේ දෙමාපියන් විසින් කියා සිටියේ පාසලෙන් දරුවෙකු වෙත ලබාදුන් දිවා ආහාරය තුළ මියගිය හූනෙකුගේ වැනි කුඩා සතෙකුගේ ශරිර කොටස් තිබී ඇති බවටයි.

කෙසේ වෙතත් රෝහල්ගත කළ දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර,දරුවන් පිරිසක් (19) දිනයේම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇති අතර 20 දිනයේදීද සෙසු සිසු දරුවන් ප්‍රතිකාර ලැබීමෙන් පසුව නිවෙස් වෙතට යාමට හැකි වෙනු ඇති බවටද මාන්කුලම් රෝල් නිලධාරීහු කියා සිටියහ.

මේ අතර විද්‍යාලයේ දරුවන් වෙත දිවා ආහාරය ලබාදුන් පුද්ගලයින්  සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලයට සිසු දරුවන්ගේ දෙමාපියන් විසින් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙසට පැමිණිලි කිරීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

174 views
Main News