ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…
May 30, 2022 at 4:40 pm | lanka C news
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.
යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වේ. එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය විය.
ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණ.
පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.
කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.
පසුඅස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර තිබේ. එමෙන්ම වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
KUNU HARUPA ahaganne nathuwa hitapan kaalakanniyaa
Thowa panapitin apayata pichcila yanne
waga karala aswanna labunoth ewa bedaharinna diesel ko?
Krushikarmaya naththatama, nathi karala dan baila kiyawanawa aahara surakshibawaya wenuwen wawannalu.
Kalakanni paraballa
Gota maha wesa balla
Dandinage wesa madame
Gota maha para balla
මහා දැනමුත්තා.
එක්තරා ගමක ගෙදරක එළුවෙක් සිටින්නේය. මේ එළුවා දවසක් තමාගේ ඹලුව මුට්ටියක හිර කර ගන්නේය. අසරණ එළුවාට මුට්ටියෙන් හිස ඉවතට ගැනීමට නොහැකිව පීඩා විඳිමින් සිටිනු ගම ගෙදර ඇත්තන් දකින්නේය. ගම ගෙදර ඇත්තන් ගමේ පඬිතුමා යැයි සැලකෙන මහා දැනමුත්තාට මේ අකරතැබ්බයෙන් එළුවා බේරාදෙන ලෙසට පණිවුඩයක් යවන්නේය. මහා දැනමුත්තයි ගෝලයෝ රොත්තයි එතනට පැමිණෙන්නේය. ඔවුන් එළුවා හෝ මුට්ටිය බේරීමට විවිධ මත පළ කරන්නට වන්නේය. අවසානයේදී මහා දැනමුත්තාට අනගි අදහසක් පහළ වන්නේය. ඔහු එළුවාගේ බෙල්ල කපා මුට්ටිය බේරා ගැනීමට යෝජනා කරන්නේය. අනතුරුව එය ක්‍රියාත්මක කරන්නේය. සිදුවූ විපත දුටු ගම මහගේ “අයියෝ එළුවාගේ බෙල්ල” යයි බෙරිහන් දෙන්නට වන්නේය. මේ අඳෝනාව ඇසූ මහා දැනමුත්තා මුට්ටිය බිඳ එළුවාගේ බෙල්ල ලබා දෙන්නට ගෝලයන්ට අණ කරන්නේය. ගෝලයන් එම අණ ක්‍රියාත්මක කරන්නේය. ගම ගෙදරට එළුවා මෙන්ම මුට්ටියද අවසානයේද අහිමි වන්නේය.
go idiot go…
සුරක්ෂිතතාව කියන වචනයේ අර්ථය කුමක්ද යන්න නොදත් කණ්ඩායමක උපදෙස් මත හෝ තම තනි මතයට ගත් ඉතිහාසගත වැරදි තීරණය මේ වගේ සරල විදිහට නිවැරදි කල නොහැක. අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය සහන මිලට සෑම වගාවකටම තේ පොල් රබර් ඇතුලුව ලබා දෙන්න. ඕනෑම රජයක් අර්බුදකාරී අවස්ථාවක් ජයගන්නේ ආහාර සැපයුම යථාවත් කිරීම මගින්. යුද්ධයක් වුනත් ජයග්‍රහණය කල හැක්කේ ආහාර සහ ජලය ඇතිනම් පමණක්ම බව යුද හමුදාවේ හිටියනම් ජනපතිතුමා දැනගත යුතුමයි.