ආහාර හිගයක් ගැන කී විද්‍යාඥයන්ට බැනලා වැඩක් නෑ.. ඔවුන්ගේ අනාවැකි හරි…
December 30, 2021 at 12:00 pm | lanka C news
ආහාර හිඟයක් ඇති වන බව කී කෘෂි විශේෂඥයනට බැන වැදීමෙන් ඵලක් නැති බවත් ඔවුන් මීට පෙර කී අනාවැකි නිවැරදි බව ඔප්පු වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මීට පෙරද කෘෂි විශේෂඥයන් අනතුරු ඇගවූ අවස්ථාවල ආහාර හිගයක් ඇති වූ බවත් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් සූදානමකින් කටයුතු කල බවත් ඔහු කියා සිටියි.
ගිය කන්නයේ දී ගොවීන් මුණ පෑ තත්ත්වය පිළිබඳව තමන් ගොවීන් ගෙන් සමාව ඉල්ලූ බවත් මේ කන්නයේදීත් එවැනි තත්වයක් ඇති නොවන්නට වැඩ කරන්නැයි ඉල්ලා සිටි නමුත් අවාසනාවකට එක වරක් නොව දහස් වරක් ගොවීන් ගෙන් සමාව ඉල්ලන්න සිදුවන තරම් වැරදි අඩුපාඩු සිදුව ඇති බවත් ඔහු පැවසීය.
ලේකම්වරුන් මාරු කිරීමෙන් හෝ ඔලුගෙඩි වෙනස් කිරීමෙන් කෘෂිකර්මය පිළිබඳ පවතින ප්රශ්නය විසඳිය නොහැකි බවත් දීර්ඝකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මේ යකා ‘කොහෙද යන්නේ මල්ලේ පොල්
මේ මෝඩ මොංගලයොත් ,ඌ කියන විද්‍යාඥයනුත් එකම මල්ලේ. යකෝ තොපි ඉන්න ඕන අනාවැකි කියන්න නෙමෙයි. යකෝ වැඩ කරන්න පුළුවන් මිනිස්සු නියම විදිහට යොදාගෙන ආහාර හිඟයක් නොවන විදිහට වැඩ කිරීමයි . තොගෙ ඔය විද්යාඥයටත් කියලා දීපන් ඒක.
උඹයි උඹගෙ විද්‍යාඥය යි කරන්න ඕන අනාවැකි කියන එක නෙමෙයි බොල. තොපි වැඩ කරන උන්ව උනන්දු කරලා ආහාර නිපදවන්න උත්සාහ කරපියව්. ජනාධිපතිගෙ කකුලෙන් නොඇද.
Another useless bugger who is of no taste at all.
මුන් රට කරනවාට වඩා හොදයි. පෙර පාසල්වලින් ළමයි 225 ක් ඇරියානම්