ඇක්සා ගිවිසුමට සියල්ල සූදානම්.. ඇමරිකාවට ඉඩම් අක්කර දොලොස් ලක්ෂයක්.. සීගිරියත් ඊට අයත්.. කඩිමුඩියේ ඉඩම් මනී..
August 18, 2019 at 3:00 pm | lanka C news
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඉදි කෙරෙන ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක් ලබාදීම සඳහා නව නීති හදන මේ ආණ්ඩුව, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා කි.මී.200ක් දිවෙන ඒ ඉඩම් අක්කර ලක්ෂ 12ට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්, පරිසර සංවේදී කලාප ඇතුළත් වන සේ මිනුම් කටයුතු සිදු කරන බවත් ඒ තුළ සීගිරිය ජාතික උරුමය ද වන බවත් ජානිපෙ නායක විමල් විරවංශ මහතා අනාවරණය කළේය.
ගම්පහ රද්දොළුගම සියෙස්ත්රා ශාලාවේදී පැවති STOP USA සංවිධානයේ තෙවන සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවන්ට හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ හදලා දීලා ඉවරයි. මේ ඇක්සා ගිවිසුම පළමුව අත්සන් තැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ආණ්ඩුවේ පිරිස් හා ජවිපෙ රතු අලි පැටව් චෝදනා කරනවා. දැන් වගේ නොවෙයි ඒ කාලයේ යුද්ධයක් තිබුණා. ඇමෙරිකාව තම කුලී සේනාංකය වූ කොටි ත්රස්තවාදීන්ට උදව් කළා. ඔවුන්ට එරෙහිව යුද නායකත්වය දුන් රාජපක්ෂ පාලනයට විවිධ තහංචි දැම්මා. ඊශ්‍රායලය අපේ ප්‍රහාරක ගුවන් යානා අලුත්වැඩියා කිරීම පවා නතර කළා ඇමෙරිකානු බලපෑම් සමග. ඒ ගුවන් යානා අලුත්වැඩියා නොකළානම් තමිල් චෙල්වම්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට වන්නේ නැහැ. ඒ අවස්ථාවේ තමයි ඇමරිකාව මේ ඇක්සා ගිවිසුම ගෙනාවේ. අවුරුදු 10කට වලංගු වන පරිදි පමණයි එදා ඒ ඇක්සා ගිවිසුමට අත්සන් තැබුවේ. එහිත් තිබුණා ‘හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට පැමිණිය හැක’ කියා. නමුත් වැදගත්ම දේ තමයි එදා ඇක්සා ගිවිසුමේ තිබූ අවසන් වාක්‍යය. ඒ තමයි ‘මේ ගිවිසුම බලාත්මක වීම සදහා තවත් ගිවිසුමක් අත්සන් තැබිය යුතුයි’ යන්න. ඒ කියන්නේ 2007 දී අත්සන් තැබූ ඇක්සා ගිවිසුම ඇමෙරිකාවට ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ඥානාන්විතවයි ක්‍රියා කළේ. 2017 දී එහි කාලය අවසන් වූවාට පසු මේ ආණ්ඩුව කිසිදු යුද අවදානමක් නැති කාලයකදී අත්සන් කළ නව ඇක්සා ගිවිසුමෙන් මේ වැදගත්ම වාක්‍යය අතුරුදහන් කර තිබෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළේ පිටු 09ක ගිවිසුමක්. රනිල් වික්‍රමසිංහලා අත්සන් තැබුවේ පිටු 83ක ගිවිසුමක්. එය හදිසි තත්වයකදී ඉබේම ක්‍රියාත්මක වෙනවා. පූර්ව දැනුම් දීමකින් තොරව ඇමෙරිකන් හමුදා අපේ රටට රිංගනවා. එසේම ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට, නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත්‍රාත් කරුවන්ට තම රටේදීවත් නැති වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දෙන්නයි දැන් සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමට බලන්නේ. ශ්‍රී ලංකාවට වීසා නැතිව එන්න, බඩුබාහිරාදිය පරීක්ෂා කිරීමෙන් තොරව ගෙන එන්න, නිදහසේ ශ්‍රී ලංකාව තුළ සැරිසරන්න, අධිආරක්ෂිත කලාපවලට ඇතුළු වීමට, මේ ඇමරිකන් පුරවැසියන්ට සෝෆා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉඩකඩ ලැබෙනවා.
‘ගිවිසුම් තුනකින් රට වැනසීම’
ඒ විදිහට සෝෆා ගිවිසුම අත්සන් කරගත් පසුව ශ්‍රී ලංකාව තුළ මේ ඇමෙරිකන් පුරවැසියන්ට පදිංචි වීමට අවශ්‍යයි. ආර්ථිකමය වශයෙනුත් මේ රට තමන්ගේ ග්‍රහණයට ගැනීම ඇමරිකාවේ ඊළඟ වුවමනාවයි. ඒ සඳහා තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගෙන එන්නේ. ඒ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළෙඳපොළ සක්‍රිය කළ යුතුයි. ඒ සඳහා ඔවුන් යෝජනා කරනවා නව ඉඩම් පනත් දෙකක් ගෙන ඒමට. එකක් තමයි ඉඩම් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත. එමගින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු දෙනවා. පෞද්ගලික ඉඩම් ටික ඇමරිකානු සමාගම්වලට තුට්ටු දෙකට කොල්ල කා ගැනීමට ඉඩකඩ හදා දීමයි එහි අරමුණ. ඒ වගේම රජයේ ඉඩම් සියල්ල, රාජ්‍ය ඉඩම් බැංකු පනත යටතේ ඉඩම් බැංකුවකට පැවරෙනවා. අදාළ විෂය භාර ඇමතිවරයාගේ කැමැත්ත ඇතොත් අක්කර දහස් ගණනින් රජයේ ඉඩම් ඇමරිකානු සමාගම්වලට මිලදී ගත හැකියි.
‘සීගිරියත් ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවට ඇතුළත්’
එක් පැත්තකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 33,000ක සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීමට නියමිතයි. එහි සුපිරි මහල්නිවාස සංකීර්ණ, සුපිරි වෙළඳසැල් ආදියත් විශාල වශයෙන් ඇතුළත් වෙනවා. ඒ පිළිබඳව විමසා බැලුවාම පෙනීයනවා ‘සෝෆා ගිවිසුම යටතේ එන ඇමරිකානුවන්ගේ පවුල්වලට දීර්ඝකාලීනව රැඳී සිටීමටයි මේ සුපිරි නිවාස සංකීර්ණ ඉදිවන්නේ’ කියා. ඒ වගේම ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන අක්කර ලක්ෂ 12ක් ඇතුළත් වන විශේෂ ආර්ථික කොරිඩෝවක් ඉදිකිරීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඉඩකඩ හදලා දෙනවා. ඉඩම් පනත් දෙක හදා දී මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුමට අත්සන් තැබුවාම මේ රටේ වනජීවී, පුරාවිද්‍යා උරුමයන් සහිත පරිසර සංවේදී කලාප ඇතුළත් ඉඩම් අක්කර 12,33,000ක් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු වෙනවා. මේ ඉඩම් ප්‍රමාණය සිතියම්ගත කළාම ඊට සීගිරියත් අයත් වෙනවා.
‘ආපදා අධිරාජ්‍යවාදය’
අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යොදා ගන්නා නූතන ක්‍රමවේදය තමයි ආපදා අධිරාජ්‍යවාදය. රටක් තුළ පළමුව ආපදාවක් ඇතිකොට එම ආපදාවට පිළියම් කිරීමේ මුවාවෙන් එයට රිංගා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. ඇක්සා ගිවිසුම ගැහුවාට මදි. ශ්‍රී ලංකාවට රිංගන්න නම් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් ඇති කළ යුතුයි. හදිසි තත්ත්වය හදන්න එදා ඇමෙරිකා එක්සත් ජනපදයට වේළුපිල්ලේ පිරබාහරන්ගේ කුලී සේනාංකය හිටියා. අද ඒ හදිසි තත්ත්වය හදන්න සහරාන්ලා වුවමනා වෙලා තිබෙනවා. සහරාන්ලා වහබි අන්තවාදයෙන් පිස්සු වැටිලා, මරාගෙන මැරෙනකොට ඇති ිවන මරාගැනිල්ල නිසා ‘ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් – වහාම මැදිහත් විය යුතුයි’ කියා ඇමරිකානු 07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය ඇතුළු ඇක්සා ගිවිසුමේ උපලේඛනවල සඳහන් හමුදා අනුඛණ්ඩ රිංගා ගන්නවා. ඒකයි ඇමරිකාවේ සැලසුම වුණේ.
නමුත් ඇමෙරිකාව බලාපොරොත්තු වූ සිංහල – මුස්ලිම් මරාගැනිල්ල ඒ ආකාරයට සිදු වුණේ නැහැ. ඒ නිසයි තවමත් ඇමරිකානු හමුදාවන්ට අපේ රටට රිංග ගන්න බැරි වෙලා තියෙන්නේ. තමන්ගේ සැලසුම ඇමරිකාව අතහරී කියා හිතන්න බැහැ. ඔවුන්ට තවමත් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉදිරි මාස 03 – 04, මේ රටේ ඉරණම සමඟ ඉතා තදින් බැඳුණු මාස කීපයක්. ඇමරිකා එක්සත් ජනපදය, තමන්ගේ ‘රූකඩ බත්බැලයා’ වන රනිල් වික්‍රමසිංහගේ බලය ගිලිහෙන තෙක් නිහඬව සිටියි ගියා කිසිවිටෙක හිතන්න එපා. ඔවුන් ‘මේකප් දමාපු’ වචන අරගෙන ඔබලා රැවටීමට මෙවරත් උත්සාහ ගනිවී. අපට දැන් ඉතා පැහැදිලියි මේ ගිවිසුම් තුන හා අප්‍රේල් 21 මරාගෙන මැරෙන ප්‍රහාරය කියන්නේ එකම කතාවක ජේද දෙකක් කියා. දැනට අත්සන් කර තිබෙන ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, අත්සන් තබා ඇති එහෙත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මෙන්ම සෝෆා ගිවිසුමත් අත්සන් කිරීමට ඉඩ නොදී, අපි මේ රට ගොඩනැගිය හැකි පාලකයා ගෝඨාභය රාජපක්ෂයන් බලයට පැමිණෙන තෙක් වන කාලය තුළ කටයුතු කළ යුතුයි. ීඔධඡ ඹී් ඒ වෙනුවෙන් කැප වීමට සූදානම්. ඒ සමඟ එක්වන ලෙසත් රට ජයග්‍රාහී මාවතට ගෙන යෑමට කැප වන ලෙසත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.”
– අනුරුද්ද බණ්ඩාර
දැන් ඉතින් විශ්වයේත් නැති කුමන්ත්‍රණ අපේ රටේ වෙයි. ඇමරිකාව රට අල්ලන්න එයි. විජාතික බලවේග කුමන්ත්‍රණ කරයි
අපේක්ෂකයෝ මරන්න පනාලෙට කොන්ත්‍රාත් දෙයි LTTE එක දකුණට රිංගයි මරාගෙන මැරෙන බෝම්බකරුවෝ එයි
පවු අපේ වීර ජනතාව දවසක් මිනිස්සු උබලට පස්ගහල හිටවනවා හොර හැත්තෑ
Indian ambulance genena kotath me takkadi Wimal weerawansa me wage boru tamay kewwe.indian RAW oththu karayan ambulance Wala driver widihata ewilla lankawe oththu balanawa kiyala.den Americans Gotabaya Rajapaksa lankawe Janadipathy karanna dangalanawa.
Okay esselama genawe gota 2013.
Amerikanu paharayan kanuwalama miyedewa
Unta udav karana evun panuwo dama kumuwewa
Sakkili UNP eka hemadamaath peradewa
Dharma Balen Kithunu Bodunu janaya ekata ekvewa
Ekatuweka amerikanu bhatayan paralova yavala
UNP hethikarayan dangageta yavamuda apila
Gota aapu gamang athean karanawa ara kalin 2007 keruwa wagey..
All Sri Lankans should save our motherland at this critical point irrespective of any social and political differences. We will die. But we must save our country for our young generation. All citizens must be intelligent enough to take the right decision.
We an opposed USA military base in Sri lanka. We as nation undermined security of whole South Asian countries by engagement of SOFA Agreement with USA?
Currently that USA military forces in Afgan… since 9/11 over 13000 troops .
USA has lunch War Afghan last 40 odd years. Kills hundred thousands of Afghans by US military forces?
We an opposed USA military base in Sri lanka. We as nation undermined security of whole South Asian countries by engagement of SOFA Agreement with USA?
Currently that USA military forces in Afgan… since 9/11 over 13000 troops .
USA has lunch War Afghan last 40 odd years. Kills hundred thousands of Afghans by US military forces?
If US military being to our soil, we will be NEW US Colony?