ඇගමැතිට බලගතු අපලයක්.. ඉන්දියාවේදී මහා පුජාවක්..?

August 22, 2017 at 10:00 am | lanka C news
ඇගමැතිට බලගතු අපලයක්.. ඉන්දියාවේදී මහා පුජාවක්..?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට උදාවී ඇති බරපතල අපලයක් දුරු කර ගැනීම සදහා මහා පූජාවක් ඉන්දියාවේදී පැවැත්වෙන්නේ යයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

මේ සදහා සහභාගී වීමට අගමැතිවරයා 25 වනදා පුද්ගලික සංචාරයක් ලෙස ඉන්දියාව බලා ගොස් දකුණු ඉන්දීය කෝවිලකදී මෙම පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

අපලය දුරු කර ගැනීමට මෙම පූජාව යෝජනා කර ඇත්තේ අගමැතිවරයාගේ මිතුරෙකු වන දමිළ ජාතික ව්‍යාපාරිකයකු යයිද වැඩි දුරටත් සදහන්ය.

144 views
Main News