ඇත්ත ආසාදිත ප‍්‍රමාණය හෙලිකලාම මරන අනුපාතය අඩුවෙයි..- සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය

August 17, 2021 at 12:00 pm | lanka C news
ඇත්ත ආසාදිත ප‍්‍රමාණය හෙලිකලාම මරන අනුපාතය අඩුවෙයි..- සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය

ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා මරණ ඉහළ අනුපාතයක් පෙන්නුවද මරණ අනුපාතය තීරණය වන්නේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව බවත් ඒ අනුව මෙරට වාර්තා වූ සැබෑ ආසාදිත සංඛ්‍යාවේ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩු වනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බවයි.

ඉක්මනින්ම එම වරද නිවැරදි කිරීමෙන් පසු කොරෝනා මරණ අනුපාතය අඩු වනු ඇති බවද ඔහු පැවසීය.

සිදුව ඇත්තේ දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරමින් ඇති බවද පැවසූ ඔහු සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

36,545 views

12 Comments to “ඇත්ත ආසාදිත ප‍්‍රමාණය හෙලිකලාම මරන අනුපාතය අඩුවෙයි..- සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය”

  1. Sandun Dhammika says:

    මෙරන්න ඕනේ උන් කොහොමත් මෙරෙනවා, සබාව දහමේ නියමය.
    ලංකාවේ නෙමයි US pentagon එක ඇතුලට වෙලා හිටියත් මෙරෙන්න ඕනේ එකා ගැලව ගන්න බැහැ.

  2. Hudson says:

    Then actual number of deaths will increase as well.

    • Covid Appuhamy says:

      It’s the other way I think… Higher number of Positive cases and same number or below 200 deaths per day.. so the % of deaths per cases become less…

  3. Jayashantha says:

    ඔරුව පෙරලුනා
    මේ පැත්ත කොච්චර සුන්දරද

  4. Rene says:

    What are these guys talking…. No common sense… totally UNDISCIPLINED tongue

  5. prasantha says:

    Kumanthranayak !

  6. LalithM says:

    කම්පියුටර් ජිල්මාට් එකක් වගේ. ස ගේ පරන රස්සාව මතක් වෙලා වගේ. මොනව කිව්වත් රටේ වෙන දේවල් මහජනතාව දකිනවා. සාමාන්‍ය
    මිනිස්සුන්ටත් මොලය කියල දෙයක් තියෙනව. කියන ඕන දෙයක් පිලිගන්න අන්ධම මෝඩයෝ බොහොම අඩුයි.

  7. එල්විස් says:

    මුලු රටටම එන්නත ගැසූ පසු……” එන්නතෙන් 100% ක් ආර්ක්ශාවක් නැහ. යම් ප්‍රතිශතයක් ආසාදනයට සහ අසාධ්‍ය තත්වයට පත්වෙන්නත් මරණයට පත් වෙන්නත් හැකියාවක් තියෙනවා.. දැනට මිය යන අය අති බහුතරය ඒ කාන්ඩයේ අයයි” …ඕo පසුව කියන එක මේ දැන්මම කීවා.. ඔයාල හැමෝම උපරිම පරිස්සම්වෙන්න..දේශීය ඖෂධ හැම විට පාවිච්චි කරන්න..දුම් පානය, මදුවිත බියර් අල්ලන්නවත් එපා හොදට නිදාගන්න. ශැහැල්ලුවෙන් ඉන්න, අන්වශ්‍ය ලෙස බියට පත්වන්න එපා.. හැම විටම තමන් කල යහපත් දේ සිහිකර තමාට මෙම රෝගයට මුහුණ දිය හැකි බව තරයේ විශ්වාසය තබා ගන්න..

  8. Darshana abayakoon says:

    කීයක් මැරුණත් කමක් නෑ මරණ අනුපාතේ අඩු කරල පෙන්නන එකයි වඩා වැදගත්. ජනතා බලාපොරොත්තුවත් එයයි.

    • Harsha says:

      අපට මරණ අනුපාතේ නෙවයි, මරණයි වලක්වා ගන්න ඕන… තොපිදෙෂපලුවන්ට කඩේ යන හැත්ත.. එකයි අනුපාතේ අඩුකරන්නන දගලන්නේ…

  9. ජනතා​ව says:

    බොරු කරන්න ගිහින් හත්පොලේම නාගන්න නායකයො තමයි අපේ රටේ අවාස​නාවකට බිහි වෙලා තියෙන්නේ. හරියට කරලා අපි තමයි හොදටම කලේ කියන්න කට්ටිය ඉන්නවා, නාගෙන රටේ ජනතාවගෙන් සමාව ගන්න එකෙක් ​නෑ. මිනිස්සු රජයක් පත් කරන්නෙ ඒ ඒ අයට ලකුණු දා ගන්න නෙමෙයි, රටේ හරියට වැඩක් වීම ජනතාවගේ අයිතිවාසිකමක්, හැම රජයක්ම තමන්ට බදු ගෙවන ජනතාවට අලුත් දේවල් ලබා දෙන්න ඕ​නි

  10. Felix says:

    “Baila” Ahala Thiyanawane,,,,, Mee Amuthama Thaale “Baila” Ekak. Mee Mona Rajjaya Sewakayoda? Mun Degollama Mahajanathawage Tax (Badu) Walin Pinta Kaka…. Mahajnathawama Vehuluwata Lak Karanawa!

Main News