ඇත්දල දළ දෙකක් සමග අයෙක් වව්නියාවේදී අත්අඩංගුවට…
March 31, 2019 at 2:22 am | lanka C news
වව්නියාව ඕමන්ත ප්රදේශයේදී ඇත්දළ දෙකක් විකිණීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.
මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඕමන්ත ප්රදේශයේ සිදු කල සෝදිසියකදී අදාල ඇත්දළ විකිණීමට ආ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පරික්ෂා කිරීමේදී ඔහුගේ බෑගයක තිබූ අඩි දෙකහමාරක් පමණ දිගින් යුත් ඇත්දළ දෙකක් සොයාගෙන ඇති අතර අදාල ඇත්දල දෙක රුපියල් ලක්ෂ 4 කට විකිණීමට සැලසුම් කොට තිබූ බවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනාවරනය කොට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඕමන්ත ප්රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඇත්දළ සමග සැකකරු වව්නියාව වනජීවි නිලධාරීන් භාරදී අධිකරණයට ඉදිරිපත් කිරීමට මාන්කුලම් පොලිස් විශේෂා කාර්ය බලකා නිලධාරීන් පියවර ගෙ ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ