ඇතැම් දේශපාලනඥයන් නිසා රටේ ඉදිරි ගමන අඩාල වෙනවා..- අගමැතිගේ ලේකම් කියයි..

January 6, 2020 at 8:02 am | lanka C news
ඇතැම් දේශපාලනඥයන් නිසා රටේ ඉදිරි ගමන අඩාල වෙනවා..- අගමැතිගේ ලේකම් කියයි..

රටේ පැවැත්ම ගැන නොසිතා ක්‍රියා කරන ආත්මාර්ථකාමී ඇතැම් දේශපාලනඥයන් නිසා රටේ ඉදිරි ගමන අඩාල වන බවත් ,ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් පුරවැසියන් කටයුතු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හෙට්ටිගේ මහතා පැවසීය .

රටේ ආරක්ෂාව ,ආර්ථිකය මෙන් ම පරිසරයට ද ප්‍රමුඛත්වය ලැබිය යුතු කාලය පැමිණ ඇති බව කී ඒ මහතා ,ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එය අවබෝධ කර ගෙන ක්‍රියා කිරීම සුරක්‍ෂිත අනාගතයකට හේතු වන්නේ යෑයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,පැල දශ ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩ සටහනට සමගාමීව කොටපොල ජාතික පාසල් භුමියේ පැවැති රුක් රෝපණ වැඩ සටහනට එක් වීමෙන් අනතුරුව සිසු දරු දැරියන් ඇතුලු පැමිණ සිටි පිරිස අමතමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

රටේ අනාගතය ගැන සිතා වැඩ කිරීම අප හැම දෙනාගේම යුතුකමක් .ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිවැරදි නායකත්වයක් දෙමින් සිටිනවා .ඒ ගැන ජනතාවට විශ්වාසයක් ඇති වෙලා .එය ආරක්ෂා වෙන්න ඕනෑ .සමාජය දැන් වෙනස් ව හිතනවා .ගෝඨාභය මහත්තය ජනාධිපති කරන්න පුලුවන් වුනේ මැදිහත් ජනතාව වෙනස් ලෙස හිතපු නිසා .දේශපාලනඥයන් ද ඊට අනුගත වෙන්න ඕනෑ .වත්මන් ජනතාව සමාජ පෙරළි කරන්නේ නිශ්ශබ්දව බව ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා .සිතුවිලි වලින් දියුණු තරුණ බලවේගයක් සමාජය ඉදිරියට ඇවිත් .ඔවුන් කාටවත් රවටන්න බෑ .නව සන්නිවේදනය මගින් බොහෝ දේ වෙනස් කරන්න පුලුවන් .එයින් අලුත් මතවාද වේගයෙන් සමාජ ගත කරනවා .සමහර දේශපාලන නායකයන් මේවා ගැන නොසිතා වැඩ කරනවා .සමාජයේ දියුණුව ගැන අප සිතන්න ඕනෑ .ආත්මාර්ථකාමී හැඟීම් වලට මුල් තැන දීමෙන් සිදු වන විපාක තේරුම් ගත යුතුයි .

පරිසර විනාශය ද සිදු වන්නේ මිනිසුන් තුළ පොදු හැඟීම නැති නිසයි .ඇළ දොළ ගංගා බරපතල ලෙස අපවිත්‍ර වෙලා .වනාන්තර ගැන සංවේදී වෙන්න ඕනෑ .

ලංකාවේ මුලු වන ආවරණය හෙක්ටයාර් 1951473 යි .එය ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 29.7 % අවුරුද්දකට හෙක්ටයාර් 4000ක් අපේ වනාන්තර භූමි විනාශ වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා .අපේ වන ගහනය 2030 වන විට 32 % දක්වා ඉහළ යා යුතු බව විශේෂඥයන් කියනවා .ඒ සඳහා වන ඉඩම් නොවන ඉඩම් හෙක්ටර්යාර් 152000 ක් වන වගාවට යොදවන්න ඕනෑ බව ඔවුන්ගේ මතයයි .රටක පැවැත්ම ගැන සිතන හැම දෙනාම මෙයට සංවේදී වෙන්න ඕනෑ .මේ ගැන පාසල් දරුවන්ට අවබෝධයක් දීම වැදගත් .

බුදු දහම සමග බැඳුනු සමාජයක සොබා දහමට ඇත්තේ සුවිශේෂී තැනක් .බුදුන් වහන්සේගේ ජීවිතය බොහෝ සේ සමීප වී තිබුනේ සුන්දර වන පෙත සමගයි .එයට උන්වහන්සේ බොහෝ ඇලුම් කළා .ඇල දොළ ගංගා වලට මෙන් ම ගහ කොළ සතා සීපාවට ද ආදරය කරන දරු පරපුරක් නිර්මාණය වෙන්න ඕනෑ .ඒ සඳහා ඔවුන්ට වැඩිහිටි අය මග පෙන්විය යුතුයි ” යැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmedia

169 views

2 Comments to “ඇතැම් දේශපාලනඥයන් නිසා රටේ ඉදිරි ගමන අඩාල වෙනවා..- අගමැතිගේ ලේකම් කියයි..”

  1. සාධාරණ මිනිසා says:

    මහත්තයෝ ඕක ඔයාගේ ලොක්කට කියන්න

  2. ගගන says:

    ඉරසියාවට පමනක් නොව.. බුද්ධියෙන් විමසා බලමු…

Main News