ඇතැම් රසායනික පොහොර ගෙන්වන්න අවසර…

August 4, 2021 at 6:27 am | lanka C news
ඇතැම් රසායනික පොහොර ගෙන්වන්න අවසර…

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට රට යොමු වෙමින් තිබෙන බවත් කෙසේ වෙතත් කළමණාකරණ තීරණ ගන්නා පරිසරය විශ්ලේෂණය කිරීමට සිදු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පැවසීය.

ඒ අනුව ඇතැම් අංශ සදහා ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට යොමු විය නොහැකි බවත් ඒ අනුව එම අංශ සදහා රසායනික පොහොර ආනයනය කිරීමට යම්කිසි නිදහසක් ලබා දී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් සඳහන් කළ ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා,

“අපි ආණ්ඩුවක් ලෙස යහපත් චේතනාවෙන් සමස්ථ ජනතාව විනාශ වෙන්න යන එක බලාගෙන අපි රසායනික පොහොර ගෙන එන එක නවත්වලා කාබනික කෘෂිකර්මයට හැරෙමු කියන යෝජනාව ජනාධිපතිවරයා ගෙනත් හොදින් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ අතර අපිට පේනවා යම් යම් අංශ තිබෙනවා ක්ෂණිකව අපිට කාබනික පැත්තට හැරෙන්න බැරිවෙයි. ඒ නිසා යම්කිසි අංශ වලට යම්කිසි නිදහසක් ලබා දීලා තිබෙනවා යම් ‌ෙපාහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා බලන්න. අද මේක විවේචනයට ලක්වෙනවා. මේක ජනාධිපතිවරයා කිසිසේත් මේක කරන්නේ නෑ කිව්වට මෙහෙම ඇතැම් අංශ වලට නිදහස් කරලා තිබෙනවා කියලා කියනවා. නිසි ආර්ථිකයක් තුල අපි ගත්ත තීරණ සරල රේඛාවක යන්න බෑ.

පරිසරය වෙනස් වෙනවා. ඔ්නෑම කළමණාකරණ තීරණයක් ගන්නා විට අපි මුහුණ දීලා තිබෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා පාරසරික වෙනස්කම් වන විට අපි ගත් ඇතැම් තීරණ වෙනස් කරන්න වෙනවා. මේක කළමණාකරණයේ මූලික අංගයක්. ඒ නිසා රසායනික පොහොර ගේන්නේ නෑ. කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට විශාල පිරිසක් ලියාපදිංචි වෙලා කාබනික කෘෂිකර්මය පැත්තට හැරෙමින් තිබෙනවා. නමුත් ගැටලු ප්‍රශ්න තියෙයි.” යනුවෙන්ද සදහන් කළේය.

– ada

35,288 views

15 Comments to “ඇතැම් රසායනික පොහොර ගෙන්වන්න අවසර…”

  1. Planter says:

    Not only fertilizer we should also authorise agro chemicals to be imported. Then completely re organize Agrarian Services Department (GOVI JANA SEVA) Get them to visit the Farmers and educate them on the use of Pesticides correctly.

  2. Chamara says:

    69 ලක්ශය ….දැන්වත් තේරුම් ගනිල්ල සර් ෆෙල් …සර් ට බැහැ සර් අනා ගන්නව කියල.මෝඩ පාලකයො බලයට ගෙනාවම උන් ගන්න තක තීරු තීරන වලින් පහු ගිය දවස් වල රටට කොච්චර පාඩු වුනද?

    • වයඹ වල්ෆැන්ටා says:

      මේක හොඳ තීරණයක්.
      අපේ උසස් ප්‍රමිතියේ ‘වයඹ වල්ෆැන්ටා’ හෙවත් “වයඹ ජොනී වෝකර්” වල පදම ගන්න යූරියා පොඩ්ඩක් විතර ඕනේ.

  3. siryw says:

    මේ හැම තීරණය ක් පසු පසම කොමිස් , අල්ලස් තියනවා . තීරණ ගැනීමට පෙර පරිසරය අද්‍යානය කල යුතුයි කියලා තමා කලමනාකාරණය විශය තුල කිය්න්නේ. ගත් තීරණ ඉතා කෙටි කාලය ක් තුල වෙනස් වෙනවා කියන්න මුල් තීරණය නිසි ලෙස අරගෙන නැහැ කියන එක.

  4. Saman says:

    ස’ ගේ ආගමනයෙන් පසු රිවස් නොකල ගැසට්ටුවක් නම් කර මැදමුලන වලව්වේ සහ තංගල්ල කාල්ටන් මන්දිරයේ වැසිකිළි වලවල් වැඳ පුදා ගැනීම සඳහා වන්දනා ගමනක් දෙර-නයා වෙතින් දිනා ගන්න. හොඳම බයි බැතිමතුන් පස් දෙනා හට අප්පොච්චිගේ අසූචි ගෝනියක් බැගින් ලබා දෙනු ඇත.

  5. Dilan says:

    දැන් ඉතින් අර අසරණ වෙච්ච කාබනික බයියන්ට තියෙන්නේ ඔය වැඩේ වෙනුවෙන්ම හදපු අර ‘සරු සරු සරු වෙමු’ කියන සින්දුව download කරලා ඒක DVD එකක write කරලා ඒ DVD එක කෑලි වලට කඩලා කාබනික පොහොර ගැන මතක් වෙන හැම වාරයක් ගානේම එක කෑල්ලක් ගානේ පුපේ ඔබා ගන්න එක තමයි. 😀😀😀

    • පහනට ආ යකා ජාතික පෙරමුණ says:

      මට මැවිලා පේනවා …හිනා කාල ඇට දෙකත් රිදෙනවා…ඔයි.

    • Dilan says:

      අපේ බූරු පුතානෝ සර් බලයේ හිටිය නං කාබනික පොහොර හිගයක් වෙන්නෙ නෑ … මොකද එතුමට අපි වගේ උන්ගේ ගොම එකතුකරලා ඒක උඩට එතුමත් මල පහකරලා විශාල ගොම තොගයක් නිර්මාණය කිරීමට වැඩ පිළිවෙලක් තිබුණා

  6. Darshana abayakoon says:

    ඉතාමත් හොද කාලොචිත තීරනයක් ජනදිපතිතුමනි පරිනත නායකයෙක් කියන්නෙ ජනතා මතයට ඇහුම්කන් දෙන නායකයෙක්. ගොවි හඩට සවන්දී රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය රිවර්ස් කිරීමට ගත් තීරණයට අපගේ උපහාරය. එක රැයෙන් රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරවලට මාරු වෙන්න පුලුවන් කියල කවුරු හරි හිතනව නම් ඒ තරම් මරි මොඩ, උද්දච්ච, ගොන් නාම්බෙක් තවත් නෑ. නිවැරදි වෙලාවේ නිවැරදි තීන්දු තීරණ ගත් අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජනතාවගේ උත්තමාචාරය.

    • Darshana abayakoon says:

      ඇත්ත වශයෙන්ම කියනවා නං …. අපේ බූරු පුතානෝ සර් බලයේ හිටිය නං කාබනික පොහොර හිගයක් වෙන්නෙ නෑ … මොකද එතුමට අපි වගේ උන්ගේ ගොම එකතුකරලා ඒක උඩට එතුමත් මල පහකරලා විශාල ගොම තොගයක් නිර්මාණය කිරීමට වැඩ පිළිවෙලක් තිබුණා …Oh yes

    • බිංකුණ්ඩා says:

      උ.ගැ. “එක රැයෙන් රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරවලට මාරු වෙන්න පුලුවන් කියල කවුරු හරි හිතනව නම් ඒ තරම් මරි මොඩ, උද්දච්ච, ගොන් නාම්බෙක් තවත් නෑ.” – Sir fail කියන එකට උත්තරේ මෙතැනම තියෙනව නේ…

  7. Karunarathna says:

    කාබනික ජාතිකවාදී හෙල තැරි දාර බයියො මොනවා කිව්වත් පස්සෙ හරි මොලේ පෑදුන එක ලොකු දෙයක්.. නැත්තම් තව මාස 3 කින් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ.. මොන ආර්තික අවපාත ආවත් ලෙබනනේ, වෙනිසුවෙලාව වගේ කන්න නැති වෙන්නෙ නෑ මේ රටේ… තව පොඩ්ඩෙන් ඒකත් වෙනවා මේ තදියම් පොහොර තහනම හින්දා..

  8. Hari says:

    සර් රිවස් ගියර් එකේමයි ඉන්නේ සර් ෆිල්..!!!!

  9. Padeniya says:

    ස හිටිය නම් මෙහෙම වෙන්නෙ නැ. පට්ට චාටර් අප්පා සිරාගේ ආන්ඩුව.

  10. Panduka says:

    කාට උනත් තනිඅතින් අප්පුඩි ගහන්න බැ නෙ . ඒ අදාල නිලදාරින් විද්වතුන්ගේ උපදෙස් මතයි සැම තිරනයක්ම ජනාධිපතිවරයා ගන්නෙ
    වැරැද්ද පේනකොට නිවැරදි කරන එක නේද හරි. මොඩයො වාගෙ හැම එකටම බුරන එකද සිරිත

Main News