ඇතැමුන් හිතා ගන්න බැරි තරම් වෙනස් වෙනවා.. ධනය බලය නිසා වෙනස් වෙනවා.. ඔවුන් හැසිරෙන්නේ කෘතීම ලෙසයි.. සියල්ල තාවකාලිකයි..

May 11, 2020 at 8:02 am | lanka C news
ඇතැමුන් හිතා ගන්න බැරි තරම් වෙනස් වෙනවා.. ධනය බලය නිසා වෙනස් වෙනවා.. ඔවුන් හැසිරෙන්නේ කෘතීම ලෙසයි.. සියල්ල තාවකාලිකයි..

පරාර්ථකාමී සිතුවිලි යටපත් කර ආත්මාර්ථකාමී සිතුවිලි වලට ඉඩ දී ක්‍රියා කිරීමෙන් අප සමාජයේ බොහෝ දෙනෙක් තම ජීවිත අවුල් – වියවුල් කර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

“ කොවිඩ් 19 “ වෛරසය පැතිරීමෙන් ලෝක ජන සමාජය ම අසරණ වී ඇති මෙවන් මොහොතක ,බුදු තෙමඟුල යෙදී තිබීම ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමට අපට කදිම අවස්ථාවක් උදා කර දී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ නුගේගොඩ, දෙහිවල හා මහරගම නිවෙස් කීපයක පැවති වෙසක් පින්කම් වලට සහභාගී වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන් හමුවේ අදහස් දක්වමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” වෛද්‍ය අංශ වල මග පෙන්වීම් මත හෝ මේ අසීරු අවස්ථාවේ වෙසක් සැමරීමට ලැබීම බෞද්ධ ජනතාවට සතුට ට කරුණක් .සෑම දෙයක ම ඇතිවීම නැති වීම වෙනස් වීම ගැන බුදු දහම මැනවින් විග්‍රහ කර තිබෙනවා .අපේ ජිවිතත් එහෙමයි .මේ ධර්මතා ගැන නිසි ආබෝධයකින් කටයුතු නොකරන නිසා බොහොමයක් දෙනා මනස් අවුල් කර ගෙන ජීවත් වෙනවා .

තවත් පිරිසක් තමන් සහ තමුන්ගේ කණ්ඩායම ගැන පමණක් කල්පනා කර වැඩ කරනවා .එවැනි ආත්මාර්ථකාමී හැඟීම් නිසා තමන්ට මෙන් ම සමාජයටත් යහපතක් වෙන්නේ නෑ .සිදු වන්නේ පිරිහීම පමණයි .මේක සනාතන ධර්මතාවක් .

මිනිසෙක් තම හැකියාව මත විවිධ කර්මාන්ත හා වෘත්තීන් වල යෙදී සිටිනවා .ඒවා සාර්ථක වන්නේ පරාර්ථය ගැනද සිතා ක්‍රියා කිරීමෙන් පමණයි .කොයිඩ් 19 වෛරසය නිසා අප හැම දෙනාම අසරණ වෙලා .මෙවැනි තත්වයක් මැද වුවද අප ජීවත් විය යුත්තේ දහමට අනුවයි .මේ අතරෙත් දහමට පටහැනි දේ සිදු වෙනවා .

අප අන් අයගේ දුක වේදනාව හඳුනා ගන්න ඕනෑ .එවැනි සංවේදී බවක් නැති අය අසත්පුරුෂයන් ලෙසයි සැලකෙන්නේ .ඒ අය ඇසුරටවත් සුදුසු නෑ .

කෘතවේදී ගුණය අද බොහෝ දෙනෙකු තුළ දකින්න නෑ .එය බුදුන් වහන්සේ ඉහළින් අගය කළ ගුණාංගයක් .ඇතැම් දෙනා හිතා ගන්න බැරි තරමට වෙනස් වෙනවා .තවත් පිරිසක් ධනය බලය නිසා වෙනස් වෙනවා .ඔවුන් හැසිරෙන්නේ කෘතීම ලෙසයි .සියල්ල තාවකාලික බව සිතන්නේ නෑ.මෝහයෙන් මුලා වෙලා .මෝහයෙන් මුලා වූ අය දේශපාලන ක්ෂේත්‍රය ඇතුලු සමාජයේ හැම අංශයක ම සිටිනවා .ඔවුන්ගේ සිත් දුෂණය වෙලා .සිත දියුණු කර ගත් අය ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලන්න ඕනෑ .උතුම් මිනිසෙකු වී සමාජයේ වැඩදායි ලෙස ජීවත් වන්නේ කෙසේද යන්න ගැන බුදු දහම අපට පෙන්වා දී තිබෙනවා .බුදු තෙමඟුල සමරද්දී මේවා ගැන අප සිහිපත් කළ යුතුයි ” යැයිද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– KH midea

90 views

10 Comments to “ඇතැමුන් හිතා ගන්න බැරි තරම් වෙනස් වෙනවා.. ධනය බලය නිසා වෙනස් වෙනවා.. ඔවුන් හැසිරෙන්නේ කෘතීම ලෙසයි.. සියල්ල තාවකාලිකයි..”

  1. Jayathilaka says:

    Meyath mee paara chande illana kenekda?

  2. Naveen says:

    ෂාහ්! මාර සොයා ගැණීමක් නෙව කුමාරසිරි මහත්තය.

  3. aaa says:

    දැන් හෙට්ටිට අදිරිනිතී අදාල නැද්ද
    “හෙට්ටිගේ මහතා මේ බව කීවේ නුගේගොඩ, දෙහිවල හා මහරගම නිවෙස් කීපයක පැවති වෙසක් පින්කම් වලට සහභාගී වීමෙන් අනතුරුව”

    • මහිම says:

      ” වෛද්‍ය අංශ වල මග පෙන්වීම් මත ” කියන වචනෙ වත් තෙරුම් ගන්න බැරි හරක්ට තවත් මොනවත් කියල වඩක් නැ හෙට්ටිගෙ මහත්තයො

  4. nimal says:

    කියල තියෙන කතව තේරුම්ගන්න බැරි හරක් ටිකක් ඉන්න රටකට මේවා කියල වැඩක් නැ හෙට්ටිගේ මහත්තයෝ

    • වෙරිසොරි says:

      එහෙම තමයි හූ ඇංපී බත් බැලයො.අකුරු බෑ. මොලේ නෑ. හොරකමයි පිංපි කමයි විතරා..යි😀

  5. මල්වානේ හාමු says:

    ” ඇතැම් දෙනා හිතා ගන්න බැරි තරමට වෙනස් වෙනවා .තවත් පිරිසක් ධනය බලය නිසා වෙනස් වෙනවා .ඔවුන් හැසිරෙන්නේ කෘතීම ලෙසයි .සියල්ල තාවකාලික බව සිතන්නේ නෑ.මෝහයෙන් මුලා වෙලා. ”
    ඔය ටික කිව්වේ බැසිල් ට දා ගෝටා ට ද ? පැහැදිලි නැහැ එකයි ඇහැව්වේ.

    • Alapaluwa says:

      ගොං ප්‍රශ්න අහන්නෙපා ඕයි. මගෙ දිව ටැපලෙනවා.

      • 77 UNP says:

        පලයං ගොන් සක්කිලියා හැම එකටම නැට්ට උස්සන්නේ නැතුව.

  6. Sun says:

    When top leaders were not genuine as they have looted money from the central bank and they are not showing a model to follow for the common man all are in the mode of corruption. They do not know where to go and just follow the top leaders.

Main News