ඇති ඇස් පෙනෙන කණ් ඇසෙන සභාපතිවරයෙක් පත්කරන්නැයි ඉල්ලයි..

February 2, 2017 at 8:02 am | lanka C news
ඇති  ඇස් පෙනෙන  කණ් ඇසෙන සභාපතිවරයෙක් පත්කරන්නැයි ඉල්ලයි..

පාරිභෝගික අධිකාරියට සුදුසුකම් ඇති  ඇස් පෙනෙන කණ් ඇසෙන සභාපතිවරයෙක් පත්කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අගමැති රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

මෙසේ ඉල්ලා සිටිමින් එම සංවිධානය විසින් අගමැතිවරයා වෙත යවනු ලැබ ඇති ලිපිය මෙසේය.

ගරු අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මැතිතුමා
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය
කොළඔ 01

ගරු අගමැතිතුමනි

පාරිභෝගික අධිකාරියට සුදුසුකම් ඇති ඇස් පෙනෙන කණ් ඇසෙන සභාපතිවරයෙක් පත්කරන්න.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරිම සදහා ඉතා වැදගත් කාර්යය භාර්යයක් ඉටු කල හැකි ආයතනයකිග. එහෙත් පරිපාලනමය ගැටලු නිසා පාරිභෝගික අධිකාරිය මේවන විට අක්‍රීය තත්වයට පත්ව ඇතග එයට මූලිකම හේතුව නම් වර්තමාන සභාපතිවරයා අදාල තනතුරේ රාජකාරි කටයුතු කිරීම සදහා සුදුසු ශරීර සෞඛ්‍ය තත්වයෙන් පසුනොවීමයි.

මෙම හේතුව නිසා රජය අපහසුතාවයට පත්වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිහිටි නිවාසයක් බවට පත් නොකර කාර්යක්ෂමව මෙරට පාරිභෝගිකයින්ට සේවය කිරීම සදහා හැකි ඉක්මනින් සුදුසුකම් ඇති හොදින් කණ් ඇසෙන ඇස් පෙනෙන සභාපතිවරයෙක් පත් කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.
රංජිත් විතානගේ
සභාපති

0 views
Main News