ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

November 16, 2021 at 12:00 pm | lanka C news
ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා කියා සිටියේ කිසියම් කණ්ඩායමක් විසින් ඉන්ධන හිඟයක් ඇතැයි කියමින් ජනතාව අපහසුතාවන්ට පත් කරන බවයි.

ඉන්ධන හිගයක් යයි බිය වී පෝලිමල සිටීමේ කිසිදු උවමනාවක් නැති බවත් රජය විසින් හිගයකින් තොරව ඉන්ධන සපයන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන පෝලිම්වල සිටින බවත් පැවසූ අමාත්‍යවරයා තමන්ද තම රථයට ඉන්ධන ලබා ගත්තේ පෝලිමේ සිට බවත් කියා සිටියේය.

”පැහැදිලිව කියන්න ඕනේ කිසිම තෙල්වල අඩු පාඩුවක් දැනට නැහැ. අපරාධයක් මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලාපෝලිම් වල ඉන්නේ. මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා කියලා මේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා. තෙල්වල අඩුපාඩුවක් නොමැති බව විෂයභාර ඇමතිතුමත් ප්‍රකාශ කෙරුවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා ජනතාවට ඉතාමත්ම ගෞරවයෙන්, හදිස්සි වෙලා කලබල වෙලා ගිහිල්ලා අනවශ්‍ය පරිදි තෙල් ගබඩා කරගන්න අවශ්‍ය නැහැ. මීට ඉස්සෙල්ලත් මෙහෙම ප්‍රශ්න ඇති වුණා. මෙහෙම ප්‍රශ්න ඇති කෙරුවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට කලබල වෙන්න එපා, ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. තෙල් හිඟයකින් තොරව තෙල් සපයනවා මේ රජය”

22,163 views

18 Comments to “ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…”

  1. APerera says:

    මෙයත් පෝලිමේ හිටියා කියන්නෙ, අැමති කියපු දේ (තෙල් අැතිවෙන්න තියනවා කියපු එක) පිලිගන්න මෙයා සූදානම් නැහැ කියන එකනේ

  2. malraj says:

    pawe neda mun hitan…

  3. ගමේ මනුස්සයා says:

    මේ රට මෙහෙම වෙලා තියෙන්නෙ මේ කියන දේවල් පිලිගන්න පිරිසක් ඉන්න නිසා.ඒ අයට එහෙම ලොකු අවශ්‍යතාවක් නෑ දැනගන්න.ඒ අය ප්‍රමානය ගොඩක් අඩුවන තෙක් මේ රට දියුණු රටක් කරන්න අමාරුයි.

  4. මම 69 න් එකෙකී. says:

    හා ඇත්තද? අපි දැනගෙන හිටියා හොරෙන් ගිහින් පොලිමේ හිටියේ ඔයා එයිද බලන්න.හරි හොරා සද්ද නැතුව ඇවිත් ගිහිල්ල.

  5. J.K Dadallage says:

    මොහුට හැමදේම ඇති වෙන්න තියෙනවා මොළේ හැර

  6. Amila says:

    මෝඩ මූසලයා තෝ වගෙ හරකෙක් තොපිට හිගයකින් තොරව තනකොල තියනවා පාර්ලිමේන්තුව ඉස්සරහ කාපිය ගොං වස්සා

  7. John the baptice says:

    මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

    මෙයා මේ තෙල් කියන්නේ අරක්කු වලට.

  8. වලිප්පු සේමසිංහ says:

    මුන් හරක් ඌරෝ වෙලා ඉපදිලා මරාගෙන කන්න ප්‍රාර්ථනා කරපල්ලා, මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉඳලත් මේ කරන තුප්පහි වැඩ වලට කාලකන්නි තිරිසනා