ඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරු…

March 18, 2022 at 4:40 pm | lanka C news
ඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරු…

කොළඹ වරායට තෙල් හා ගෑස් නැව් ඇති තරම් පැමිණෙමින් ඇතැයි වරාය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පදනම් විරහිත බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කරන්නේ දැනට ගෑස් නැව් දෙකක් කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවත් එය එම ගෑස් ගොඩ බෑම සඳහා ඩොලර් හිගය බාධාවක් වී ඇති බවත්ය.

නැවු නවතා තිබෙන කාලය සඳහා දිනකට විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් හෙතෙම පැවසීය.

රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙවන් බොරු ප්‍රචාර නොකර ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීම මේ මොහොතේ කළ යුතු බවද ඔහු පවසයි.

මෙවන් ආකාරයෙන් අසත්‍ය රටට පැවසීමෙන් සිදුවන්නේ මෙම ආර්ථික අර්බුදයන් ඉදිරියේදී තවදුරටත් උග්‍ර වීම බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

30,411 views

3 Comments to “ඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරු…”

  1. චන්ද දායක says:

    හැම එකාම බොරු කියලා, බොරු කරලා තියෙන තරම පේනවනේ . දැන් ඇත්ත කිව්වත් ෂුවර් නැහැ .

  2. ගැමුණු says:

    මේ ලොකුගේ නාකියා මො කට තියා ගෙන ඉන්නවද? ඔය වල පයයි ගොඩ පයයි උන් අපව නැති කරනව.

  3. 0.00069 BIYYO says:

    lokuge kiyane 2 pass naki hampada mii gonek , heta anidda wala kajja gahanna niyamitha !!!
    Mu dan inna onna manasika rohalaka. !!!

Main News