ඇති යහපාලනයක් නෑ කියා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ආණ්ඩුවේ මන්ත‍්‍රී විපක්‍ෂයට එක්වේ..

October 7, 2016 at 10:00 am | lanka C news
ඇති යහපාලනයක් නෑ කියා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ආණ්ඩුවේ මන්ත‍්‍රී විපක්‍ෂයට එක්වේ..

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් එය ශක්තිමත් කිරීමට ආණ්ඩු පක්‍ෂයට එක් වූ නැගෙනහිර පළාත් සභා ජාතික කොංග‍්‍රස් මන්ත‍්‍රී ඒ.අමීර් මොහොමඞ් ලෙබ්බේ නැවත විපක්ෂයේ අසුන් ගත්තේය.

මන්ත‍්‍රීවරයා සභාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ යහපාලනයක් නැති බවයි.

‘ආණ්ඩුවේ යහපාලනයක් නම් මා දකින්නේ නෑ. මන්ත‍්‍රීවරුන්ට නිසි ගෞරවයක් ලැබී නෑ. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්නැයි උතුරු මහ ඇමැතිවරයා කියද්දී නැගෙනහිර මහ ඇමැති ඒකට උත්තර දෙන්නේ නෑ. උතුරු නැගෙනහිර එක් කරනවාට මා විරැුද්දයි. විපක්ෂයේ මන්ත‍්‍රීවරයකු ලෙස සිටිමින් ඉදිරියට කටයුතු කරනවා’ යයිද ඔහු මාධ්‍ය අමතමින් කීය.

88 views
Main News