ඇතුළු සමාජ ජාලා තහනමෙන් ලංකාවේ ආර්ථිකයට බිලියන 4.7ක් පාඩු වෙලා.. විදෙස් සගරාවක් හෙලි කරයි..
June 4, 2018 at 2:10 pm | lanka C news
2018 මාර්තු මස 7 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වුණු සමාජ ජාල තහනම හේතුවෙන් අප රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව මවන විට අන්තර්ජාතික සංවිධානයක් වන Netblocks.org හරහා ගණනය කර තිබෙනා අතර එය නිල වශයෙන් අන්තර්ජාල සංසදය (internetsociety.org) නිවේදනය කර තිබේ.
ඒ අනුව තහනම පැවතුණු දින හතක කාලයට රටේ ආර්ථිකයට සිදුවූ දළ වශයෙන් පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 30 (රුපියල් බිලියන 4.7) වන බව එම සංවිධානය ප්‍රකාශ කර තිබේ. එම නිවේදනය මෙතනින්
ඉහත සඳහන් එම අගය ගණනය වීමට මූලික හේතු :-
1. සමාජ ජාල තහනම තුලින් රටේ සංචාරක කර්මාන්තයට හා ව්‍යාපාරික ප්‍රජාවට දැඩි හානියක් සිදුවීම.
2. රට තුල පවතින වෙනත් විදේශ විනිමය උපයන ව්‍යාපාර සඳහා දැවැන්ත හානියක් සිදුවීම.
3. තහනම නිසා දේශීය ෆේස්බුක් මෙහෙයුම් පද්ධතිය කරා ගමන්ගත් දත්ත විදේශීය පද්ධතිය කරා යෑම නිසා අන්තර්ජාල සේවා සපයන්නන්ට පාඩුවක් සිදුවීම.
4. සාමාන්‍ය දුරකථන මාර්ග භාවිතා කිරීමට රටේ දුරකථන සමාගම්වලට ලාභයක් සිදුවුව ද, අනෙක් පසට අන්තර්ජාතික දුරකථන පද්ධති භාවිතය සඳහා වූ වියදම් නිසා රටේ විදේශ විනිමයට දැඩි පාඩුවක් සිදුවීම.
5. ෆේස්බුක්වල සිටිනා අයව සාමාන්‍ය දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගත නොහැකි වීම නිසා ව්‍යාපාරික ප්‍රජාවට දැවැන්ත පාඩුවක් සිදුවීම.
6. රටේ පුද්ගලයන් විදේශීය අන්තර්ජාල අංක භාවිතා කරමින් සමාජ ජාලා භාවිතා කර ඇති නිසා අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්වලට දේශීය ව්‍යාපාරික ප්‍රජාවට සිදු කෙරූ ආයෝජනය අපතේ යෑම.
මෙවන් වතාවරණයක් තුල පසුගිය මැයි මස 31 වනදා පොලිස්පතිවරයා ඉදිරිපත් කෙරූ වාර්තාවක් ඇසුරෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එම වාර්තාවේ සඳහන් තත්ත්වය දිගටම පැවතියහොත් සමාජ ජාල තහනම් කිරීමට සිදුවන බවය.
ඉංග්‍රීසි භාෂාව, අන්තර්ජාතික නීතිය හා නීතියේ පදනම ප්‍රගුණ නැති ශ්‍රීලංකා පොලිසියේ නිලධාරීන්ගේ නොහැකියාව හා රටේ අන්තර්ජාල පද්ධතියේ වගවීමේ දෝෂ නිසා රටේ සමාජ ජාලා තුල සිදුවන සිද්ධීන් නීතිය හමුවේ පාලනය කර නොහැකි බවට අප සාක්ෂි සහිතව හෙලිදරව් කරමු.
ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය ෆේස්බුක් සමාගමෙන් කර ඇති තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් දත්ත අනුව පැහැදිලි වන්නේ 2013 වසරේ සිට 2017 වසරේ මැද දක්වා ඉන්දියානු රජය ෆේස්බුක් ගිණුම් 67,354 ක තොරතුරු ඉල්ලා ඇති අතර, එම කාලයෙ දීම ශ්‍රී ලංකා රජය තොරතුරු ඉල්ලා ඇත්තේ ගිණුම් 9 ක තොරතුරු පමණි.
උක්ත කරුණු අනුව ශ්‍රීලංකා පොලිසියේ පොලිස්පතිවරයාගේ වාර්තාව හා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අප එකමුතුව සම්පූර්ණයෙන් හෙළාදකින අතර, මේ පිළිබඳව අප එකමුතුව සමඟ හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අපි ඔවුන්ට අභියෝග කර සිටිමු.
චිරන්ත අමරසිංහ
මාධ්‍ය ප්‍රකාශක
සමාජ ජාල එකමුතුව
We have a buffoon as the Police Chief and The chief executive of the country is more than that.
සිරිසේන-රනිල් කරපු දේ වැරදියි. නමුත් මේ සංවිධාන බොරු.. මීඩියාවල නම් දාගන්නත්, සල්ලි ගරන්නත් හදාගත්තුවා.. මෙහෙම සංවිධානයක් නැහැ, අර පාරිභෝගික සංවිධානයයි, බයිසිකල් කාරයොන්ගෙ සංවිධානයයිත් එහෙම ඒවා.. ඒ දෙකේම ඉන්නේ එකම අය, පිටුපස තිරය මාරු කර කර මාධ්‍ය සංදර්ශණ තියනවා. පට්ට බොරු කාරයෝ. පුහු මමංකාරයෙන් නම් දාගන්න දඟලන ගොඩක් උන් හරි හමං රස්සාවක් නැති අර මහසෝනා බලකායේ වගේ උං.
දැන්වත් තේරෙනවද මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරිසේනට අගමැති හෝ ආර්ථිකයේ මර්මස්ථාන වලට අත තබියහැකි තනතුරක් නොදුන්නේ ඇයි කියල. ඉතාම පටු තීරුවක කල්පනා කරන කට මිස හිසනැති චරිතයක් වන සිරිසේන තමුන්ට ගැලපෙන තැනක ස්ථාන ගතකිරීම ඉතාම දුරදක්නා නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවැරදිව කර ඇත. අද තත්වය වඳුරට දැලිපිහිය අසුවුණා වගේම නොවේද? අත දිග මානයේ සියලුදෙනාත් කපමින් තමනුත් කපා ගැනීම නොවේද මේ සිද්ධවන්නේ ? ආන්තර් ජාලය පමණක් නොව අද රටම ජංජාලයක් කර ඇති බව නේද පෙනෙන්න තියෙන්නේ.
“මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරිසේනට අගමැති හෝ ආර්ථිකයේ මර්මස්ථාන වලට අත තබියහැකි තනතුරක් නොදුන්නේ ඇයි කියල”
Haaaahhh haaahha haah haaaaaaa
Ethokta KUDU CONTAINER geena LETTERS deepu DIMU JAYARATHNE ta අගමැති kama dunne මහින්ද රාජපක්ෂ මැතිතුමා දුරදක්නා නායකයෙක් NIA නොවේද ?
අවුරුදු 3 ක් ගිහිල්ලත් කුඩු කන්ටේනර් ගෙනාපු අයට දඬුවම් නොකළේ අපේ එජාපේ නායකයින් ඒ ගෙනාපු කුඩු ගහන නිසාද අමනයෝ?
Who brought them in to power? Reap what you sow.Too late now. Get lost.
ශ්‍රී ලංකාවට සිදුවෙන ආර්ථික හානිය වගේද ? මුන්ට ශ්‍රී ලංකාවේ ආර්ථික හානිය වැඩක් නෑ. මුන්ට මුන්ගේ පැවැත්ම විතරමයි වැදගත්.
No problem. I want to know who gave the helicopter
this is not true. it must have improved socioeconomic status of Sri Lanka
සතොසට කුඩු ගේන්න පුළුවන් හැබැයි මේ දේවල් තහනම්