ඇදන් 08ට මරණ 05යි.. කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිටින අයෙක් කියයි..

August 15, 2021 at 11:20 am | lanka C news
ඇදන් 08ට මරණ 05යි.. කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිටින අයෙක් කියයි..

කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන්කර ඇති වාට්ටුවක ආසාදිතයෙකු සමග රැඳී සිටින පුද්ගලයෙකු එහිදී තම අත්දැකීම සමාජ ජාල ගිණුමට එක් කර තිබුණේ මෙසේය.

********

කරාපිටිය කොරෝනා වාට්ටුවේ සිට….

තාත්තගෙ අසනීප තත්වයත් එක්ක වාට්ටුවේ ගෙවන තුන්වෙනි දවස අද…. මේ වාට්ටුවේ විතරක් ඇඳන් 8ක් තියෙනවා…. මම මේ ඇවිල්ලා ගෙවුනු දවස් 3ට මේ ඇඳන් 8 හිටපු අපේම මිනිස්සු 5 දෙනෙක් මගේ ඇස් ඉස්සරහම සදහටම ඇස් දෙක පියාගත්තා…. 😥😥😥

සංක්‍යා ලේඛන කොහොම බැලන්ස් කරත් මේ එක පොඩි වාට්ටුවේ ඇඳන් 8ට මරණ 5ක් උනා කියන්නෙ අපි ඔක්කොම ඉන්නෙ කොච්චර බරපතල තත්වෙකද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ….

නැතිඋනු අය අතර ගෑනු පිරිමි වයසක තරුණ හැම වර්ගෙකම අය ඉන්නවා…. කරාපිටියෙ මම දන්න විදියට කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු 7ක් විතර තියෙනවා.. ඊට අමතරව ICU unit එකක් වෙනම තියෙනවා මේ කොරෝනා රෝගීන්ටම…. ඒ හැම එකකම මේ වගේම මරණ සිද්ද වෙනවා….

එහෙම මැරිල යන්නෙ තව කාලයක් ජීවත් වෙලා ඉන්න තිබුණු මිනිස්සු…. 😥

වාට්ටුවේ ඉන්න දොස්තර මහත්තුරු නර්ස් නෝනලා ලොකු කට්ටක් කනවා මිනිස්සු ගොඩ දාන්න… 🙏🙏

වැදගත්ම දේ තමයි…. තමන්ගෙ කෙනෙක් කොරෝනා හැදිලා රෝහලක ප්‍රථිකාර ගන්නවා නම් අනිවාරෙන්ම ඒ කෙනාගෙ සාත්තුවට කෙනෙක් තියන්න…
දෙයියන්ගෙ නාමෙන් රෝහලේ ඉන්න මනුස්සයගෙ පනට ආදරයක් තියෙනවා නම් සාත්තුවට කෙනෙක් ලඟ තියන්නම ඕන….

මොකද පහුගිය දවස් දෙකේ ඇස් ඉස්සරහ උනු මරණ 5න් 4ක්ම ලඟ කවුරුවත් නැතුව තනියම ප්‍රථිකාර ගත්ත අය….

කොරෝනා කියන්නෙ මුලු ශරීරයම දුර්වල කරන වයිරස් එකක්…. ඉතිං ගොඩක් කට්ටිය මේකෙන් මැරෙන්නෙ තමන්ගෙ දේවල් කරගන්න බැරුව…. ඒ කියන්නෙ තිබහට වතුර ටික බීගන්න බැරුව වගේ… බඩගින්නට එයාලට තනියම කන්න බෑ… නහයට ගහල තියෙන ඔක්සිජන් බටේ පොඩ්ඩක් එහේ මෙහේ උනොත් ඒක කියන්න කවුරුවත් නෑ…. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ගොඩක්ම මරණ සිද්ධ වෙන්නෙ….

ඉතිං පුලුවන් හැම විදියටම පරිස්සම් වෙන්න… කොරෝනා කියන්නෙ ආතල් එකක් නම් නෙවෙයි… තමන්ගෙ ආදරණීයයන් වෙනුවෙන් පුලුවන් හැම ක්‍රමේටම පරිස්සම් වෙන්න…. පුලුවන් ඉක්මනට Vaccine එක ගන්න…. ❤️

තමන්ගෙ කෙනෙක් positive වෙලා රෝහල්ගත් උනොත් අනිවාරෙන්ම එයාව පරිස්සම් කරගන්න… එයා ලඟ සාත්තුවට ඉන්න… ඔයා පුලුවන් උපරිමෙන් පරිස්සම් වෙන ගමන් එයාවත් පරිස්සම් කරගන්න….. ❤️

අවසානයට කියන්න තියෙන්නෙ මේ වසංගතේ පරද්දන එක කෙසේ වෙතත් අපි බේරිලා අපේ ආදරණීයයන් බේරා ගැනීමට අපට කරන්න පුලුවන් හැමදේම කරමු….

එලියට දෙන වාර්තා වලට වඩා රටේ තත්වේ හිතාගන්න බැරි තරම් බරපතලයි…. 😥😥😥

හැමෝටම බුදුසරණයි…. ❤️
සටහන – චින්තක දේශප්රිය

48,475 views

12 Comments to “ඇදන් 08ට මරණ 05යි.. කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිටින අයෙක් කියයි..”

  1. Roshan says:

    දැන් රටේ සමහරක් උන්ට තියෙන ප්‍රශ්ණය ලෙඩේ හදාගන්නේ නැතුව ඉන්න එකවත් ලෙඩේ හැදිලා සනීප වෙන එකවත් නෙවෙයි……. රජයෙන් ඉදිරිපත් කරන වාර්තා ගැනයි දැන් උන්ට තියෙන ප්‍රශනය….😂😂 මේ දාලා තියෙන එකෙත් ඌට තියෙන බරපතල ප්‍රශනය ලෙඩේ සනීප වෙනවට වඩා වාර්තා ගැන ප්‍රශ්නය😂😂😂😂😂

    • Sanjeewa says:

      මේ රොශාන් කියන එකා මහ එවුන්ගෙ පස්ස පැත්ත හෝදල ඒ වතුරත් බොන එකෙක්. මූ හැමදාම දන comments බැලුවාම ඒක හොඳට තේරෙනව. යකෝ බූරුවො සංඛ්‍යා ලේඛන වල කොහොමත් ප්‍රශ්ණයක් තියෙනව. ඊට කලින් කියවල බලපිය මේ කියල හියෙන එකේ හරය මොකද්ද කියල.

    • කළුතර says:

      බොරු වාර්ථා දෙනකොට මිනිස්සුන්ගෙ පරිස්සම අඩුය් .
      හොඳම දේ ඇත්ත කියන එක ,
      ඇත්ත කිව්වත් බොරු කිව්වත් රාජපක්සලව ආපහු පාරක්
      මිනිස්සු බලයට ගෙනෙය් කියල හිතන්න අමාරුය්

    • Rosy says:

      Rajapaksala panuvo gahala marenda one…

  2. Thambi says:

    Rata palanaya karana paulata hena wedewa cancer hedewa

  3. ගාමිනී හන්තාන says:

    ශ්‍රී ල0කා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවු නීච, උද්දච්චම, අනීතිකම, අශිශ්ට සහ අන්‍යාකාර යෙන් තම රට වැසියන් මරණය කරා යොමු කල එකම ආණ්ඩුව ලෙස මොවුන් ඉතිහාසගත වනවාමයි.

    • Capcha says:

      කුලියට ලිව්වට කමක් නැහැ මාතෘකාවට අදාලව ලියපන්, හැම ලිපියෙම එකම කොමෙන්ට් එක දාන්නෙ නැතුව. AKD උඹට ලියල දුන්නේ ඔය කොමෙන්ට් එක විතර ද?

      • Rosy says:

        Ane modayo kuliyata liwwath aththane liyala thiyenne. Ai ubata amaruda. Rajapaksalage passapaththa levakana ekak.

  4. Bandarawatta says:

    Kalakanni adu kule para hatta Thopi kalakanni Jeppo minissu parata bassala karapu winase.

  5. Tiran says:

    අර පවුලේ එකෙක් කරුමෙට මැරෙන්නේ නෑනේ මේකෙන්. මුට්ටි, පැණි දදා කාලේ කකා හිටියා. දැන් මිනිස්සු මැරෙන්ඩ දීලා ඔහේ ඉන්නවා. උන්ගේ එකෙක් මරුනනන් බලාගන්ඩ පුළුවන් උන්ගේ රග

  6. විපුල​ says:

    මම දන්න පවුල් කීපයක්ම ඉන්නවා කොරෝනා රෝග ලක්ශන තියෙන​. ඕවුන් තම තමන්ගේ දොස්තර ලගට ගියාම​, “ආ ඕක මේ නිකම් වයිරස් උනක්, මේ බෙහෙත් ටික බිව්වාම හරි” කියලා ගෙදර යවපු. හැම දොස්තරම දීලා තියෙන්නේ එකම උත්තරේ. ඕවුන් සියලු දෙනාම කොරෝනා +ව් පවුලක පලමු පෙල ආසාදිතයන්. මේ අය දවස් දෙක තුනකින් සමාජයේ හැම තැනකම ගිහින් හැමෝටම බඩු දෙනවා, ඇයි ඉතින් අවුලක් නැහැනේ, “නිකම් වයිරස් උනක්නේ”. කාගෙද වැරැද්ද?

  7. Ravana parapura says:

    මේ ජිවිත සියල්ලක්ම හෙළ ඔසුවෙන් බේරා ගන්න තිබුණා, හෙළ ඔසුවෙන් කොමිස් ගහන්න බැරි නිසා එය අවලංගු කෙරුවා ලැජ්ජයි.

Main News