ඇදන් 17යි.. රෝගීන් 72යි.. එක වැසිකිලියයි..- රෝහලේ කොරෝනා රෝගීන් විරෝධතා…

August 1, 2021 at 3:28 am | lanka C news
ඇදන් 17යි.. රෝගීන් 72යි.. එක වැසිකිලියයි..- රෝහලේ කොරෝනා රෝගීන් විරෝධතා…

රෝහල් පහසුකම් ප්‍රමාණවත් නැති බව පවසමින් දඹුල්ල මූලික රෝහලේ රඳවා සිටින කොරෝනා වෛරස ආසාදිත පිරිසක් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවක් පවත්වා තිබේ.

දඹුල්ල මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවේ ඇඳන් දාහතකින් යුක්ත ය.

නමුත් විරෝධතාකරුවෝ පැවසුවේ එම ඇඳන් දාහත තුළ පුද්ගලයන් හැත්තෑ දෙනෙකුට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එනිසා එක ඇදකට ආසාදිතයන් දෙදෙනා තුන්දෙනා බැගින් මෙන්ම ඇඳන් යට සහ කොරිඩෝවේද රෝගීන් සිටින බවත් ඔවුහු කියා සිටිති.

රෝහල් බලධාරීන්ට මේ ගැන දැන් වුවද ඔවුන්ට සිදු කිරීමට කිසිවක් නොමැති වග ඔවුන් සඳහන් කළහ.

මෙම රෝගීන් සියලු දෙනාටම ඇත්තේ එක් වැසිකිලියක් පමණක් බවත් රෝහලේ ආහාර හිඟයක් පවතින බවත් ඔහු තව දුරටත් කියා සිටියහ.

13,319 views

7 Comments to “ඇදන් 17යි.. රෝගීන් 72යි.. එක වැසිකිලියයි..- රෝහලේ කොරෝනා රෝගීන් විරෝධතා…”

  1. Madaya says:

    කොරෝනා හදාගන්න තරමට කක්කුස්සි මවන්ඩ ඉතිං සක්කරයම එන්ඩ ඕන. සෞක්‍යාරක්ෂාව නොදන්න අයට මොකටද කක්කුස්සි?

  2. Dil says:

    Api kiwwada korona hada ganna kiyala? Ratatama wadayak. Mask daanne nehe. Ohe awidinawa.

  3. Ulama says:

    Ko ban ara chandeta kalin kessak tiyanawa kiwath ggedarata phi ewapu kattiya? Owata rewatila chande dunnu gon hetta pare merenna arinna ona…moda yakku…rewatena eke seemawak ne…

  4. KP says:

    යකඩො මේ රටේ දෙනෝ දාහක් දහසකුත් එකක් ලෙඩ වලට ඉස්පිරිතාලවල ගිහිං මෙච්චර කල් ඔහොම තමා හිටියේ…. මේ කොරෝනා කාරයො විතරක් මොකද විරෝධතා? හන්දි අමාරුවලට හරි පපුවෙ බඩේ අමාරු වලට හරි දියවැඩියාව තුවාල ඩෙංගු ඔය මොකට ගියත් එකාට එක ඇඳක් හම්බුන්නෑ…. ඩෙංගු වැඩිවුන පහුගිය කාලෙ කොරිඩෝ විතරක් නෙවෙයි ලෙඩ්ඩු බලන මේසෙ යටත් හිටියා…..හැබැයි කවුරුත් විරෝධතා කලේ නෑ…..

  5. පොඩි එකා says:

    පැනලා පලයව්.

  6. Poroppaya says:

    Passata Kirala moodi/Poroppa gahaganna!

  7. Hi says:

    ඔහොම වෙලා මදි.අවුරුදු 70 තිස්සේ හොරැන්ටම ඡන්දෙ දෙනවා. දීලා අන්තිමට නැතෝ කියනවා.

    තව ටික දවසකින් දෙතුන් දෙනෙක් ට වත් ඉන්න ඇදක් නැති වේවී ඡන්දෙ දීලා හෝ නොදී හොරු රට කරන කොට.

Main News