ඇදරි නීතිය මැද තැබෑරුමක් කඩයි…

April 25, 2020 at 8:02 am | lanka C news
ඇදරි නීතිය මැද තැබෑරුමක් කඩයි…

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග  යලිත් (24) දින රාත්‍රි 8 සිට ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කඩා කිසියම් පිරිසක් (25) දින මධ්‍යම රාත්‍රියේ ඇතුල් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශ වේලට ආසන්නයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික අභ්‍යාස විද්‍යාලයට ඉදිරිපිට සහ හැටන් නොටනබ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ මත්පැන් අලෙවිසැලක් තුලට (25) දින රාත්‍රි 12 ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් එම මත්පැන් අලෙවිසැලේ සවි කර තිබෙන ආරක්ෂිත කැමරාව වෙනත් දිශාවකට හරවා ඉදිරිපස අගුලා තිබු ඉබි කඩා මත්පැන් අලෙවිසැලට ඇතුල් වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මත්පැන් අලෙවිසැල කඩන ශබ්දය මත්පැන් අලෙවිසැල අසලට පිහිටි නිවාස වල පදිංචිකරුවන්ට ඇසි එ පිලිබද කාසල්රි ජලාශ වේල්ල ආසනනයේ රාජාරියේ නියුතු පොලිසිය නිලධාරින්ට සහ හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිස් නිලධාරින් එම ස්ථානයට යාමට ප්‍රථම මත්පැන් අලෙවිසැල කඩා ඇතුල් වු පුද්ගලයා ඉන් පලා ගොස් ඇත.

මුහුණු ආවරණය කරගෙන මත්පැන් අලෙවිසැලට ඇතුල් වු පුද්ගලයා  මත්පැන් අලෙවිසැලේ මුදල් ලාච්චුවද විවෘත කර ඇති අතර ඉන් අනතුරුව මද වේලාවක් මත්පැන් අලෙවිසැලේ රැදි සිට මත්පැන්සැලෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම මත්පැන් අලෙවිසැලේ මුදල් ලාච්චුවේ මුදල් නොතිබුණු බවත්, පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසින් වහාම එම ස්ථානයට යාමත් සමග සැකකරුට මත්පැන් ශාලාවේ තිබු වෙනත් කිසියම් භාණ්ඩයක් රැගෙන යාමට නොහැකි වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

ඇදිරි නිතිය පනවා තිබු කාලයේ මිට ප්‍රථම හැටන් , නොර්වුඩ් , කොටගල යන නගරවල මත්පැන් අලෙවිසැල් කඩා සැකකරුවන් විසින් ඉන් මත්පැන් බෝතල් රැගෙන ගොස් තිබේ.

කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැල කඩා ඇතුල්විම සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

140 views

5 Comments to “ඇදරි නීතිය මැද තැබෑරුමක් කඩයි…”

  1. අක් බාර් වහලා says:

    අවුරුද්දකට කෝට් ගානක් බදු වශයෙන් හම්ම්බු කරන සුරාබදු දෙපාර්තමේන්තු ව යටතේ ලංකාව වටේ බාර් දහස් ගණනක් තියනවා. ආණ්ඩුව විකුණනවා මිනිස්සු බොනවා. දැන් එකපාර බාර් වහලා දැම්මාම පුරුදු වෙච්ච එකාට පිස්සු හැදෙනවා. කවුද දන්නේ නැහැ නන්දසේන ට කිව්වේ අරක්කු නිසා කොරෝනා අවධානම වැඩි වෙනවා කියලා. ඒ වුනාට අපේ පැත්තේ නම් රු 4000 ට බඩු කාර් එකෙන් ගෙදරටම එනවා. ආණ්ඩුවේ එකෙක් ම තමයි වැඩේ කරන්නේ.

  2. vishnu says:

    3%

  3. Anura says:

    මිනිසුන් සුදුවට පුරුදුවෙලා

  4. Sawan says:

    let them to broken this kind of supermarket.just be silence.

  5. Love nature says:

    ගව ගාතනය / මත්පැන්/ දුම්වැටි අපේ රටින් තුරන්කරමු

Main News