ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

August 21, 2021 at 8:40 am | lanka C news
ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

රටේ දැනට පවතින වසංගතය පාලනය කිරිම සදහා මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇතත් සංවර්ධන ව්‍යාපෘතීන් වල සේවය කරන සියළුම සේවකයන්ට තමන්ගේ රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර බාධාවකින් තොරව තමන්ගේ සේවා ස්ථානයට පැමිණීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරිම්, නව කැළණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරිම්, ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය, කිලෝමීටර් 100,000ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යනාදී සංවර්ධන ව්‍යාපෘතීන් වල වැඩ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කලේ 2021-08-20 වන අද දින වසංගත තත්ත්වයේ වුවද දැනට සංවර්ධන කර ඇති ව්‍යාපෘතීන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යා යුතු ආකාරය පිළිබදව Zoom තාක්ෂණය ඔස්සේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

14,176 views

26 Comments to “ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..”

  1. sana says:

    ow ow ….rata wahuwa kiyala lede bo wena eka nawathwanna denna epa…..lede nathuwa kohomada nayak wath ganne….beheth hoya ganna doctors la corona wattu walata danneth ekane.

  2. LalithM says:

    චීන්නු ආපසු යවන්නයෑ. උන් මෙහෙ ගෑනුත් එක්ක පවුල්වෙලා දැනටම. චයිනා ටවුන් රට පුරාම හැදෙයි බාගෙට චීන පැටව් එක්ක. තම රට අතහැරිය හොර ඇමරිකන් කාරයො අපි ගැන නොව මඩිය ගැන විතරයි හිතන්නේ. 69 ලක්ෂයේ සාපය.

    • cobra says:

      ඇදිරිනීතිය මැද තමයි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය විනාශ කිරීමට මංතීරු සෑදීම ආරම්භ කලේ ..තව කොතරම් පුරා වස්තු විනාශ කිරීම සිදුකරන වාදැයි ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතුයි ..නිධන් හාරන්නේ මැති ඇමතිලා ඇදිරිනීතිය ඇති වේලාවට

  3. එතනෝල් හාදයා says:

    පාරවල් හිස්ව තියෙන එකේ…අබලන් පාරවල් ටිකත් හැදුවොත් ඉක්මනට ගිහින් බෝතල් මිලදී ගන්න පහසු වෙන්න

Main News