ඇදිරිය නිසා බස්නාහිරින් ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

October 31, 2020 at 8:40 am | lanka C news
ඇදිරිය නිසා බස්නාහිරින් ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි.

ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොවන පුද්ගලයන්හට නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බස්නාහිර පළාතටත් ඇඳට නීතිය පැනවීමට පෙර විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

32,683 views

12 Comments to “ඇදිරිය නිසා බස්නාහිරින් ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..”

  1. මෙහෙම ගොන් පර්ට් says:

    ඒ අයට යන්ඩ එපා කියල තිබ්බද ?
    ඒ විදිහෙ නීතියක්(ගැසට්ටුවක් ), අවවාදයක් හෝ ඉල්ලීමක් වත් කරල තිබ්බද?

    කලින් ඇඳිරිනීතිය පනවන බව දැනුම් දෙන්නෙ මිනිස්සුන්ට සූදානම් වෙන්ඩ නොවේද ? එම නිවේදනය සමග පළාතෙන් පිට නොවියයුතු බව දැනුවාද ?

    මේ තීරණ ගත්තු අය අතින් උන අතපසුවීමක්.
    දැන් කරන්ඩ තියෙන්නෙ අතපසුවීමට සමාව අරගෙන ගිය අයගෙන් කාරුණික ඉල්ලීමක් කිරීමයි.

    මෙහෙම ගොන් පර්ට් දාන්ඩ ගියාම ඒ මිනිස්සු හැමතැනම හැංගිල වටේටම බෝ කරනව කියල තේරෙන්නෙ නැද්ද ?

    හත් පොලේම ගාගන්නව කියන්නෙ මේකට තමා.

  2. Gamaya says:

    Katawachane Kiyanne Baylanthe Chakralekana kiyala danne nadda ?

Main News