ඇදිරි නිතිය නොතකා අරක්කු විකුණා අත්අඩංගුවේ..

March 22, 2020 at 2:05 am | lanka C news
ඇදිරි නිතිය නොතකා අරක්කු විකුණා අත්අඩංගුවේ..

ඇදිරි නිතිය කාලයේදි මත්පැන් අලෙවි කල සැකකරුවෙක් නාවලපිටිය පොලිසිය මගින් පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොඹගස්තලාව ප්‍රදේශයේ සැකකරු නිවසක රජයේ අනුමත මත්පැන් බෝතල් ඉතා අධික මිලකට අලෙවි කරන බවට නාවලපිටිය පොලිසියට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් පොලිස් උපාය දුතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ සැකකරු සන්තකයේ තිබි රජයේ අනුමත මත්පැන් බෝතල් 68 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ සැකකරුගෙන් මත්පැන් ගැනිමට පැමිණ සිටි පිරිසක් ඔහුගේ නිවස ආසන්නයේ සිට පලා ගිය බවද වැටලිම සිදු කල නාවලපිටිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,940 Viewers

One Comment to “ඇදිරි නිතිය නොතකා අරක්කු විකුණා අත්අඩංගුවේ..”

  1. jagath says:

    Badu Nathuwa Matath Mara Aul………….

Main News