ඇදිරි නිතිය මැද ත්‍රිරෝද රථයක් ගිනි තබයි..

May 13, 2020 at 2:02 am | lanka C news
ඇදිරි නිතිය මැද ත්‍රිරෝද රථයක් ගිනි තබයි..

ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් නගරයේ ලංගම බස් නැවතුම්පොල පිටුපස ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් නගරයේ ත්‍රිරෝද රථයක් ධාවනය කරවන රියදුරෙකු සහ ඔහුගේ මිතුරෙකු විසින් ත්‍රිරෝද රථයකින් (11) දින අලුයම 4 ට පැමිණ ගාල් කර තිබු ත්‍රිරෝද රථයට ගිනි තබා පලා ගොස් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කියා සිටියේ.

ගිනි තැබිම හේතුවෙන් ත්‍රිරෝද රථයේ එන්ජිම ඇතුළු පසුපස කොටස සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර ඉන් ත්‍රිරෝද රථයට ලක්ෂ තුනක පමණ අලාභයක් සිදු වි ඇත.

හැටන් නගරයේ සුළු ව්‍යාපාරයක් සිදු කරගෙන යන ත්‍රිරෝද රථයේ හිමිකරු තම නිවස ආසන්නට ත්‍රිරෝද රථය රැගෙන යාමට නොහැකි නිසා දිනපතා ත්‍රිරෝද රථය ලංගම බස් නැවතුම්පොල පිටුපස ගාල් කර තැබෙන බවයි පොලිසිය පැවසුවේ.

ත්‍රිරෝද රථයට ගිනි තැබුවේ යැයි කියන සැකකරුවන් දෙදෙනා හැටන් පොලිසියට පවසා ඇත්තේ ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ත්‍රිරෝද රථයෙන් ගමනක් යාම සදහා ඉන්ධන ප්‍රමාණවත් නොවිම නිසා ගාල් කර තිබු ත්‍රිරෝද රථයෙන් ඉන්ධන සොරාගෙන ඉන්ධන ලබාගත් ත්‍රිරෝද රථයේ ඉන්ධන නලය නිසි ලෙස සවි කරාද යන්න පරික්ෂා කිරිමට ගිනිකුරක් දල්වා පරික්ෂා කරන අවස්තාවේ ත්‍රිරෝද රථය එකවරම ගිනිගත් බවයි.

ත්‍රිරෝද රථය ගිනි ගැනිමෙන් පසු තමන් එම ස්ථානයෙන් පලා ගිය බවද සැකකරුවන් පොලිසියට පාපෙච්චාරණය කර ඇත.

ත්‍රිරෝද රථය ගිනි තැබුවේ යැයි කියන ස්ථානයේ ආසන්නයේ වෙලදසැල් වල  සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරික්ෂණ පැවැත් වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

– ප්‍රදීප් අනුර කුමාර

2,161 Viewers

One Comment to “ඇදිරි නිතිය මැද ත්‍රිරෝද රථයක් ගිනි තබයි..”

  1. සමන් says:

    හොරුයි බොරුයි දෙකම මාට්ටුයි!