ඇදිරි නිතිය මැද මත්පැන් බොමින් බූරු ගහයි.. එජාප සභාපති අත්අඩංගුවට..

May 1, 2020 at 8:40 am | lanka C news
ඇදිරි නිතිය මැද මත්පැන් බොමින් බූරු ගහයි.. එජාප සභාපති අත්අඩංගුවට..

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි (30) දින අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමිපතම හිතවතුන් හත් දෙනෙකු ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික ලෙස රා පානය කර මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් රු හැට දෙදහසක් , රා බෝතල් කිහිපයක්  සහ සභාපතිවරයාගේ අධි සුපෝගභෝගි පුද්ගලික ජිප් රථයක් සහ ඔහුගේ හිතවතුන් පැමිණි සුපෝගභෝගි මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර  සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

104 views

13 Comments to “ඇදිරි නිතිය මැද මත්පැන් බොමින් බූරු ගහයි.. එජාප සභාපති අත්අඩංගුවට..”

  1. ගමරාළ says:

    මුන් බලයේ හිටියා හො මුන් බලයේ නැ කියලා ලොකු වෙනසක් නැ, මුන්ගේ පුරැද්දම බුරැගහන එක, බලයේ හිටපු කාලේ රට උගසට තිබ්බා දැන් හොරාකාපු සල්ලි වලින් බුරැගහන බුරැවො.

    • Shanika says:

      Hitan ge awul thibunata mee wage 2yi 50 he wada thibune na

      • gunpOne says:

        Ow Moda Sajiyaa nayakaya unata passe thamai okkoma..
        Mati harakek ney.. kohomada rate nayakaya una nam sajith mee gavaya

    • Alapaaluwa says:

      හොඳ වැඩේ බුරු ගහපු බුරුවට

  2. kawinda says:

    me case ekata epa denna beri nam thama maru. anumaanayak nehe. me parana telephone kalliye membersla.

  3. cw says:

    This is violation of DEMOCRATIC RIGHTS of these ” Innocent civ(a)lions”. Come on Human Right Champions, arresting is ILLEGAL.

    • Chinthana says:

      Dont warry………The duty list for Sasanka sanjeewa has defined by the Dr harsha. These people were arrested while they performing their duty to the country.

  4. SL says:

    UN virus should be soon eradicated

  5. Atta says:

    මොන පක්ෂේ උනත් බහුතර නගර සභා, ප්‍රාදේශීය සභා සාමාජිකයන්ගේ තත්වේ ඔහම තමා. මට නම් හිතෙන්නේ ඔය දෙකම අවශ්‍ය නැ කියල. රාජ්‍ය නිලධාරිගෙ පාලනය ප්‍රමාණවත් බොරුවට චන්ද වලට යන වියදමත් ඉතුරුයි.

  6. සර says:

    නොදකින් සජිත් රනිල් තොපි රටට පිලිලයක්

  7. KBG says:

    සභාපති අල්ල ගත්තද ?

  8. gamarala says:

    දැන්වත් දැනගනිල්ලා (එජාප) කියන්නේ මේවගේ වැඩකරන වසලයෝ බව

Main News