ඇදිරි නිතිය මැද මාලු අල්ලන්න එක්දරු පියෙක් ජලාශයට වැටි ජිවිතක්ෂයට..

April 13, 2020 at 2:07 am | lanka C news
ඇදිරි නිතිය මැද මාලු අල්ලන්න එක්දරු පියෙක් ජලාශයට වැටි ජිවිතක්ෂයට..

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය නොතකා කාසල්රි ජලාශයේ මාලු ඇල්ලිමට ගිය එක්දරු පියෙක් ජලාශයට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙසේ ජලාශයට වැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්ත ප්‍රදේශයේ පදිංචි ගොබි නාදන් චන්ද්‍රකුමාර නැමති අවුරුදු 37 හැවිරිදි එක්දරු පියෙකි.

(12) දින පස්වරු 4 ට පමණ මරණකරු ජලාශයේ තවත් පිරිසක් සමග නොර්වුඩ් ඩන්කන් වත්ත ප්‍රදේශයේ මාලු ඇල්ලිමට ගොස් ඇති බවත්, එහිදි ඔහු එක වරම ජලාශයට ඇද වැටි ජලාශයේ ගිලි අතුරුදහන්වි ඇති බවත් පසුව එම වතුයායේ පිරිසක් එක් වි අතුරුදහන් වු පුද්ගලයාගේ සිරුර ගොඩ ගන්නා අවස්තාවේදි ඔහු මිය ගොස් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

26 views
Main News