ඇදිරි නිතිය හමුවේ වතු කම්කරුවන් උග්‍ර පානිය ජල ගැටලුවක…

March 29, 2020 at 2:07 am | lanka C news
ඇදිරි නිතිය හමුවේ වතු කම්කරුවන් උග්‍ර පානිය ජල ගැටලුවක…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති ඇදිරි නිතිය හමුවේ සහ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියලි කාළගුණ තත්වය හමුවේ වතු කම්කරුවන් උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුන පා සිටියි.

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් හැටන් කුඩාඔය ගම්මානයේ ජීවත් වන වතු කම්කරුවනුයි මෙම උග්‍ර පානිය ජල ගැටලුවට මුහුණ පා සිටින්නේ.

තම ගම්මානයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍ර පවතින වියලි කාලගුණයත් සමග සිදි ගොස් ඇති බවත් ,තම නිවසේ දෛනික අවශ්‍යය තාවයන්  සපුරා ගැනිමට පානිය ජලය සොයා විශාල දුරක් යාමට සිදු වි ඇති වි බවත් , දැනට ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා කුඩා ඇල මාර්ගයකින්  ජලය ලබා ගන්නා බවත් , එම ජලය බීමට තරම් සුදුසු තත්වටක නොමැති බවයි පිඩාවට පත් ජනතාව පවසන්නේ.

පානිය ජලය නොමැතිව ඇදිරි නිතිය හමුවේ  සිටින තම ගම්මානට පිලිබදව කිසිදු බලධාරියෙකුගේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බවයි හැටන් කුඩාගම ජනතාව පවසන්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,625 Viewers

One Comment to “ඇදිරි නිතිය හමුවේ වතු කම්කරුවන් උග්‍ර පානිය ජල ගැටලුවක…”

  1. Priyantha says:

    තව ගිණි තියපියව් කඳුකරේ තියෙන කැළෑ , ගිය සුමානේ ඩෙවොන් රක්ෂිතය පර බල්ලෝ ගිණි තිබ්බා. ඒවට පිටින් කවුරුත් ඇවිත් ගිණි තියන්නේ නෑ , ඒ අහල පහල වතු ලයින් වල ඉන්න හැත්ත තමයි ගිණි තියන්නේ. මූසල හැත්ත රක්ෂිත කැළෑ ගිණි තියනවා කියන්නේ තමන් තමන්වම විනාස කර ගන්නවා කියන එක බව මතක තියාගන්න.

Main News