ඇදිරි නීතියද..? ලොක්ඩවුන්ද..? පාසල් ඔන්ලයින් කරන්න අවධානය..

June 16, 2022 at 10:36 pm | lanka C news
ඇදිරි නීතියද..? ලොක්ඩවුන්ද..? පාසල් ඔන්ලයින් කරන්න අවධානය..

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ලොක්ඩවුන් කිරීමක් හෝ ඇඳිරි නීතිය පැනවීමක් සිදු කරන්නේදැයි ඇතැම් මැති ඇමතිවරුන් සහ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔවුන් මෙසේ පවසා ඇත.

ලබන සතියේ තවත් ඉන්ධන තොගයක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔවුන් දන්වා ඇත.

කෙසේ වෙතත් සඳුදා සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු සේවාවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් ඇති අතර ඒ ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවද ඩේලි මිරර් වාර්තා කරයි.

145,992 views

11 Comments to “ඇදිරි නීතියද..? ලොක්ඩවුන්ද..? පාසල් ඔන්ලයින් කරන්න අවධානය..”

  1. හැමටම මෙය කළ නොහැකියි says:

    බඩගිනි නිවීම ඔන් ලයින් කළ හැකිද? මිනිස්සු හැමෝටම මෙය කළ නොහැකි බව වටහා ගත්තොත් හොදයි.

    • අපි අවදියෙන් says:

      එංගලන්තයේ මැහැල්ලටයි ඇමෙරිකාවේ මහල්ලටයි බයේ ලංකාවේ මහල්ලන් දෙන්නයි 225යි රුසියාවෙන් ලාබෙට දෙන තෙල් ගන්නේ නෑ.
      රුසියාවෙන් දෙන තෙල් ගත්තනම් දරුවන්ට පාසල් යන්න පුළුවන්.
      මාස ගණනක් පාසල් වසන්නට සිදු වේවී.මුන් දරුවන්ව පිස්සන් බවට පත්කර විනාශ කරන්නයි සූදානම.
      සර්ව ආගමික නායකයිනී නුබලා බුදිද?
      අනුර කුමාර, සජිත්, චම්පික, ෆොන්සේකා, පුබුදු ජාගොඩ තොපත් මර නින්දේද ?

  2. අලුතින් හිතමු says:

    අලුතින් හිතපල්ලා ගම්වල ගෑස් පෝලිම මොකටද ?දර සහ ඉඩ තිබෙනවා නේද ?නගරබද මෙන්ම ගම් වලද කුඩා පරිමාණයේ ජිවාවායු එකක අඩු වියදමකින් සාදන්න පුළුවන් නේද ? ඇල්බීසියා,ගිනිකුරු ගස් පැරණි ඉවත් කරන රබර් ගස් දර වලට ඉතාම සුදුසුයි නේද ?රටපුරා ලක්ෂාගානක් පොල් කටු තිබෙනවා නේද?ඉඩම් නැති උනත් ගෙවල් වල පෝච්චි වල පවා නිවිති ,ගොටුකොළ,තක්කාලි ,දඹල ,කරවිල,ආදී දේ වැවෙනවා නේද?
    හංදියට යන්න ත්‍රීවීල් ,කාර් මොටසයිකල් ඕනද? පයින් යන්න කම්මැලියි නමුත් ජිම් එකට රුපියල් දහස් ගණන් නාස්ති කරනවා නේද?
    මේ රටේ ඉන්නේ අන්ත කම්මැලි කාලකන්නි
    ජේවීපී කාරයො වගේ හිතන්න එපා බොලව් උන් ට ඕන ප්‍රශ්න විසඳන්න නෙවෙයි ප්‍රශ්න වැඩි කරලා මිනිස්සු ලවා හර්තාල් කරවලා උන්ගේ යාළු බටහිර තානාපතිලගේ උදවු ඇතිව උන් බලයට එන්න

    • දොලේවත්ත says:

      අනේ හරකො පොහොට්ටුවට කතිරෙ ගහලා ඇරවගත්ත නං පැත්තකට වෙල කටවහගෙන ඉඳපන් උඹට පුළුවන් නම් ඕක ජිම් එකට යන කොල්ලො පිරිසක් ඉස්සරහ කියපං……

  3. පුරවැසියා says:

    ලොක් ඩවුන් කරාම පෙට්‍රල් හම්බුවෙනවද පම්කෝ????

  4. Sumith says:

    On line is suitable for most of the useless government organisations and should ask them to engage in agricultural activities ie home gardening

  5. Dananjaya says:

    ලංකාවේ පාසල්වලට නිවාඩු ලබාදීම මන ක්‍රියාවකි ගම්බදව ධ්‍යාපනය ලබන නගරයට ංක්‍රමණය නොවූ දරුවාද පයින් යන දරුවාද වන්දි ගෙවිය යුතු නැත බොහෝ දෙමාපියන් තම නිවසින් ඈත පාසල් වලට ළමුන් ඇතුලත් කර ඇත ඒ ළමුන්ට ගමන් පහසුකම් සලසා දීම දෙමව්පියන්ගේ වගකීමකි එමෙන්ම නේවාසිකාගාරවල රැඳී සිටින හා හා බෝඩිං කාමරවල රැඳී සිට පාසල් යන දරුවන්ට ද නිවාඩු දීම ඉතා ඵල රහිත ්‍රියාවකි බොහෝ ගුරුවරුන් දුර බැහැර රාජකාරි කරන විට බෝඩිං වී ඇත එම නිසා එම ගුරුවරුන්ට ද නිවාඩුව ඵල රහිතය දැන් කළ යුතුව ඇත්තේ පාසල්වල ධ්‍යාපන කටයුතු ආරම්භ වෙලාව නොවෙනස් කර පමා වී පැමිණෙන සිසුන්ට ඒ සඳහා සහනයක් සැලසීමත් වැඩි වෙලාවක් පාසල පැවැත්වීමත් ය

    • Dananajaya says:

      බොහෝ නගරවල ඇති ජාතික පාසල් වල නේවාසිකාගාර පහසුකම් ඇත නමුත් ධ්‍යාපන දෙපාර්තමේන්තුවට නේවාසිකාගාරය පවත්වාගෙන යෑමට බොරු ලේඛන ලබා දී නේවාසිකාගාර වැඩ කරන අයගේ රැකියා පමණක් ආරක්ෂා කරන අතර නේවාසිකාගාරවල ළමුන් හා ගුරුවරුන් නැත එම නිසා පාසල් සංවර්ධන සමිති වල සෘජු මැදිහත්වීම හා අවධානය යොමුකොට එම නේවාසිකාගාර පිරිසුදු කර නවීකරණය කර නැවතත් භාවිත යට ගත හැකි ලෙස සූදානම් කරගත යුතුය ඉන්පසු ඈත සිට පැමිණෙන දරුවන්ට යම් මුදලක් ලබාගෙන නේවාසිකාගාර පවත්වාගෙන යා හැක එමෙන්ම පාසල් සංවර්ධන සමිති විදුහල්පති ා ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී හා පාසලට වඩා හිතෛෂී දෙමාපියන් ගෙන් යුත් කමිටුවක් sada ඉදිරි වසරක කාලය අඛණ්ඩව ධ්‍යාපනය ලබාදීමට කටයුතු කළ යුතුය හා ඒ සඳහා පාසලේ පහසුකම් ඇති කළ යුතුය තවද සැමදෙනාම තමන්ට හැකි ආකාරයෙන් පාසල් යාමට දරුවන්ට සහාය විය යුතුය

  6. Ohi says:

    Not only state sector propose for Private sector too to have two week online work. Private sector employers do not bother about those transport issues. They somehow trying to cut down their employees taking that as advantage. So you must request and force private sector to whoever possible to allow work from home.

Main News