ඇදිරි නීතියෙන් ආදායම අහිමි වූ අයට රුපියල් 2000ක් දෙනවා..

August 26, 2021 at 8:02 am | lanka C news
ඇදිරි නීතියෙන් ආදායම අහිමි වූ අයට රුපියල් 2000ක් දෙනවා..

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 345847ට සිය ජීවනෝපාය අහිමි වී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සදහා රුපියල් 691,694,000ක මුදලක් වැයවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්,කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්  32411ක්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්, මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්, මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල  13989ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්  20988ක්, මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්  22521ක්, කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක් හා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939ක ජීවනෝපාය අහිමි වී ඇත.

මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 480ක මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ලබා දී ඇති අතර  ජීවනෝපාය අහිමි වූ සියල්ලන්ටම මෙම දීමනාව ලබාදීම සඳහා තවත් රුපියල් 211,694,000 අවශ්‍ය වෙයි.

හිඟ මුදල ද  කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැම් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ හැකි ඉක්මනින් දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ සියලු දෙනාටම ඔවුන්ට හිමි දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි.

රට කෙතරම් ආර්ථික අපහසුතාවයක තිබුණද වගකිවයුතු රජයක් ලෙස ජනතා අවශ්‍යතාවලට පිළියම් ලබා දීමට පියවර ගෙන ඇතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

7,519 views

17 Comments to “ඇදිරි නීතියෙන් ආදායම අහිමි වූ අයට රුපියල් 2000ක් දෙනවා..”

  1. ලන්සා රණතුංග says:

    බැසිලාගමනයට මාස 2ක් ඉක්මවා ඇත.ඉන්ධන මිල අඩු වි නොමැත .ලාෆ් ගෑස් නැත.පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත.විරුවා පරාජයට පත් කර මාෆියාව
    ජයග්‍රහණය කර ඇත.69 ලක්ෂයට දැන් වෙනස
    ෂැපය.සතුටුයි .හොදට තිබ්බ රටක් තවත් හොද කලේය .

  2. පොඩි රාජා says:

    2020 තොපෙ ආණ්ඩුව බාර ගත් අවුරුද්ද , රුපියල් 5000 තුනක් දීල , පරිප්පු , සැමන් අඩු කරල සහන දෙන්න හැකියාව තිබුණා  , තොපේ පාලනය තිබ්බේ අවුරුද්ද යි , රට අමු සොහොනක්, ආර්ථික ය විනාශ යි , තටම ලා , තටම ලා ,  අද තොපි රුපියල් 2000 යි දෙන්නේ , මූසල , කාලකණ්ණි ආණ්ඩුව , නොදකින් .

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    තව 500/=ක් දුන්නා නම් මාසෙකට ඇති .

  4. පොඩි රාජා says:

    2020 තොපෙ ආණ්ඩුව බාර ගත් අවුරුද්ද , රුපියල් 5000 තුනක් දීල , පරිප්පු , සැමන් අඩු කරල සහන දෙන්න හැකියාව තිබුණා  , තොපේ පාලනය තිබ්බේ අවුරුද්ද යි , රට අමු සොහොන ක්, ආර්ථික ය විනාශ යි , තටම ලා , තටම ලා ,  අද තොපි රුපියල් 2000 යි දෙන්නේ , මූසල , කාලකණ්ණි ආණ්ඩුව , නොදකින් .

  5. AA says:

    මෙි අමාරැ වෙලාවෙි මෙහෙමවත් කරන එක ලොකු දෙයක් ආන්ඩුව අපගේ ප්‍රනාමය

    • ගෞම් ඊයාරාජ් says:

      සදාකාලීක වහලෙක් ! එකෙක් දෙන්නෙක් ඉන්නවා තාම ණයට කහින.😂😂

      • MM says:

        සැබැ වහලා දන්නේ නෑ තමා සදාකාලික වහලෙක් බව, කහින්නේ මමද ඔබද කියලා හිතලා බලහං

  6. යොවුන් රාණි says:

    ජිවිතේ කාලකන්නි දැක්කා. ඒත් මේ වගේ කාලකන්නි නොදැක්ක. උදේ පාන්දර මේ හෝතඹුවා ගේ මූණ දෙක්කොත් දවසම ඉවරයි.

  7. Dharshana Abeykoon says:

    රට වහන්ඩ කියලා වැලලුන උන් මොකුත් කරන්නේ නැද්ද

    • ගෞම් ඊයාරාජ් says:

      උන් හින්දා තමයි , තො මෙහෙමවත් කමෙන්ට් කොටන්න ජිවත් වෙලා ඉන්නේ , උන් කෑගැහුවේ නැත්තං ඉතින් මුන් තාම මුට්ටි ගංවලට දාලා , පැණී ,චූර්ණ කල්ක ප්‍රොම්ට් කරකර , තොපි වගේ මෝෆ හැතිකරේ අන්ද අන්ද ඉදියි. හැබැයි ඉතින් උන්නාන්සෙලා ආරක්ශාවෙලා.

      • Dharshana Abeykoon says:

        හිනාවෙන්නේ කොයි පැත්තෙන්ද කියහංකෝ උං තමයි මෙි රට, අපේ ජාතිය කෑවෙි අද ඊයේ නෙමෙි 71 ඉදංD

  8. මනූෂ නානා says:

    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ලැබුනොත් ඇති

  9. ගෞම් ඊයාරාජ් says:

    ඔකත් අර කෑලෑවලින් ගස් උගුල්ලලා නගරේ හිටවන්න , පාරවල් කාපට් කරන්න , ජිම් කට්ටල ගේන්න යොදා ගත්තනං ඉවරයි. අපරාදේ සල්ලී… 😂😂😂

  10. ලොන්ත පෝල් says:

    මේ කාලකන්නියා තමයි ලොරි ටෝක් දෙන්නෙ …මූ තමයි මේවට වග කියන්න ඕන එවුන්ගෙන් මහ එකා …ඉන්නහැටි නිකං මල පෙරේතයෙක් වගේ රැවුලක් කපා ගන්නවා ද මු …උදේට මූ දැක්කහම කැඳත් නෑ ….මිනිස්සුන්ට දෙදහk දීලා බොරුවට කයිවාරු ගහනවා ..මුන් හම්බු කරන හම්බ කිරිල්ල කොහොමද …මූට මොකද අච්චු ගහනවා දෙනවා සල්ලි …අනික දෙන්නෙත් මුන්ගෙ උන්ට විතරයි …ලක්ෂ ගාණකට මොකුත් නෑ …මේ කාලකන්නි අපතයයි මුගේ රණතුංග පවුලේ එවුනුයි සේරම එකයි ….

Main News