ඇදිරි නීතියෙන් රට පුරා වෙලදසැල්වල දිගු පෝලිම්.. ජනතාව භාණ්ඩ රැස්කරති..

March 20, 2020 at 11:20 am | lanka C news
ඇදිරි නීතියෙන් රට පුරා වෙලදසැල්වල දිගු පෝලිම්.. ජනතාව භාණ්ඩ රැස්කරති..

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමග රට පුරා නගර ගණනාවකම වෙලද සැල් ආශ්‍රිතව දැඩි තදබදයක් ඇතිවී තිබේ.

ජනතාව අත්‍යවශ්‍ය පාරිභෝගික මිලදී ගැනීම සඳහා පැමිණීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇත.

ඇතැම් වෙලද සැල් ආශ‍්‍රීතව දීර්ග පෝලිම් තත්වයක්ද ඇතැයි වාර්තා වෙයි.

අද පස්වරු 06.00 සිට දින සදුදා පෙරවරු 06.00 තෙක් රජය විසින් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

152 views

13 Comments to “ඇදිරි නීතියෙන් රට පුරා වෙලදසැල්වල දිගු පෝලිම්.. ජනතාව භාණ්ඩ රැස්කරති..”

  1. Kamal says:

    Meeterayak durin inna kiwwata munta therenne naha, kadeta meeterayak durin hamoma ekagode porakanawa. Vagakiwayuthu ayek janathawata pahadili karanna samawita ekineka athara meeterayak wath dura paratharaya thiyaganna, hakithara aduwen kathakaranna, mukawadam pawichchi karan a kiyala. Ithaliye api api ange le wathurawela jeewathwena hati danei nosalakili inoth. Mage rata jathiya lokawasi siyaluma dena me wasangathayen araksha wewa !!!

  2. Yaka says:

    Polim wala inna one ekkenekta ekkenek meters 1.5 athin. Mehema moda minissu inna ratak.

  3. Alapaluwa says:

    මෙවැනි පෝලිම් ගැසීම තරම් තවත් මෙයට වඩා විශාල අවධානමක් තිබේද? කරුණාක මෙවැනි අවදානම් අවස්ථාවලින් වැලකි සිටින්න.නුගත් විදියට හැසිරෙන්න එපා මේ අව්සතාවේ බොහොම චානවන්තව හැසිරෙන්න නැතිනම් අද ඔබට එට මට අන්න එවිට ප්‍රමාද වැඩියි.කරුණාකර මෙය අවතක්සේරු නොකරන්න මා දන්නවා ඔබලාගේ අහිංසකභාවය නුත් මෙය යම් කොටසකට සීමාවුණු මාරක අවදානයක් නොවේ! සිතන්න මොහොතකට සිතා තීරණයක් ගන්න!

    • jayalath says:

      ekinekaa athara parataharaya pawathwaaganima saha kenek pitawu pasu thawakenek athulukarawime wagakima wyaparikayinta bhaarakaranna.

  4. Walli says:

    All runaway italianos are fake passport illegal immigrants. PASSPORT EKE OLU MARUKARALA ITALY GIYA UN. Its difficult to trace them with passport details coz printed name and photo are two different people…….

  5. Alapaluwa says:

    මෙවැනි පෝලිම් ගැසීම තරම් තවත් මෙයට වඩා විශාල අවධානමක් තිබේද? කරුණාකර මෙවැනි අවදානම් අවස්ථාවලින් වැලකි සිටින්න.නුගත් විදියට හැසිරෙන්න එපා මේ අවස්ථාවේ අපි බොහොම චානවන්තව හැසිරෙන්න අවශ්‍යයි. නැතිනම් අද ඔබට එට මට මාරයා ඒවත් Covid19 ළඟාවිය හැකිය. අන්න එවිට අපි සියලුම දෙනා ප්‍රමාදවි. එමනිසා වැඩියි.කරුණාකර මෙය අවතක්සේරු නොකරන්න. මා දන්නවා ඔබලාගේ අහිංසකභාවය නමුත් මෙය යම් කොටසකට සීමාවුණු මාරක අවදානමක් නොවේ සමස්තයටම පොදුවූ අවදානමකි! නවතින්න සිතන්න මොහොතකට සිතා තීරණයක් ගන්න!

    • Critic says:

      Dear Alapaluwa, Do you think that we can make our people correct? According to my opinion, it’s something like that we’re trying to make dog’s tail straight. Our people are always forgetful and ignorant, that’s the reason why this situation is prevailling.

      • Pradeep says:

        අත්‍යාවශ්‍ය දේ ලබා ගැනීමට නිවසේ එක් අයෙකු පමණක (මොලය තියෙන) එලියට යා යුතුයි.නැවත පැමින විෂබීජ හරනය කර ගත යුතුයි දෙඅත් ආදිය හොදින් සෝදා.

  6. gamarala says:

    සැම ගමක නගරයක ග්‍රාම සේවක මගින් හෝ සතොස රිය මගින් ජනතාවට පහසුවෙන් මුදලට මේ බාන්ඩ ලබා දිය හැකිය

    • කලින් දැනුම් දීලා ලොක් ඩවුන් කරන්න ගිහිල්ලා තමයි ඉතාලිය ඇන ගත්තෙ. ලොක්ඩවුන් කරන්න කලින් මිනිස්සු අනික් ප්‍රදේශ වලට පැනලා මුලු රටේම පැතිරෙව්වා. දැං බුරුතු පිටිං මැරෙනවා..
      ඇදිරිනීතිය කිය කියා දාන්න යෑමෙන් අනවශ්‍ය ලෙස විශාල මිනිස් එක්‍ රැස් වීම් ඇතිවීමෙන්, රෝගය පැතිර යාම ඉක්මන් වීමයි. ජනතාව තේරුම් ගත යුත්තේ සතියක් හමාරක් ප්ලේන්ටියක් බී හෝ ගෙදර ගත කර රෝගය පාලනය කරගෙන ඉන්පසුව සාමාන්‍ය විදියට ජීවත් වෙනවාද..නැත්නම් සතියකට විතර බඩු පුරවගන්න පෝලිමේ දගලල ඊලග සතියෙ කොරොනාවෙන් තවත් කීප දෙනෙකුත් ඇදගෙන වලපල්ලට යනවද කියන දෙකෙන් එකක් පමනයි.

    • Kevin says:

      ශෙනිකව ඇදිරිනීතිය යොදවා.. මෙවෙනි දෙයක් කරන්න තිවුනේ කෑම බීම අවශ්‍යතා තියෙන අයට …

  7. Kevin says:

    ආන්ඩුව වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් වෙන්නේ කෑම බීම හිගයකුත් ඉබේම නිර්මාණය වීම.. ජනපතිතුමා මොලේ තියෙන ප්‍රායෝගික මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න.. නිකන් පොතේ දැනුම තියෙන ඉගෙන ගත්තු මෝඩයෝ කියන ඒවම කරන්න එපා..ප්‍රෝයෝගික බුද්ධිමත් මිනිස්සු ලන්කරගන්න..

  8. බන්ඩා says:

    අපේ මිනිස්සු සියල්ල දත් අය. කොරෝනා වය්රසයෙන් බේරෙන්න අඩුම මීටරයක දුරින් අන් අය සමග වෙන්ව සිටින්න කිව්වට කවුරැවත් ඒ උපදෙස් ගනන් ගන්න පාටක් නැත්තෙ මෝඩ කමටද දන්නවා වැඩි කමටද තව එකෙක් මැදට පනින එක නවත් වන්නද?