ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

March 23, 2020 at 8:40 am | lanka C news
ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

කොරෝනා වෛරස පාලනය කිරීම සඳහා රජය විසින් ජනතා සුභ සිද්ධිය සඳහා බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක අදත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

එනිසා ජන ජීවිතයේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නව ක්‍රමවේද රජය මගින් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව රජය සතු ලිට්රෝ ලංකා ගෑස් සමාගම අන්තර්ජාලය හරහා ලිත්‍රො ගෑස් සිලින්ඩරයක් නිවසටම ගෙන්වා ගැනීමේ නව ක්‍රම වේදයක් ඊයේ සිට ආරම්භ කරන ලදී.

ඒ අනුව තමන්ගේ ජංගම දුරකථනය මගින් මුදලට හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවා තම නිවෙසට ම ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලැබී ඇත.

දැනට බස්නාහිර පළාත තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

යොමුව මෙතනින්

408 views

15 Comments to “ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..”

  1. Damitha says:

    works well. I got a gas delivered last.night using pick me

    • රජයේ සේවක says:

      තිරය පිටුපස සිට මේ සියලු දේවල් මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ ඇමතුමා බව අමතක නොකළ යුතුයි .

  2. Dr Vass. says:

    Thanks for Litro Gas Lanka and the efficient Management .

  3. දිසානායක සමන් says:

    හදිසි අවස්ථාවේ දී මේ ආකාරයෙ ක්‍රියා කිරීම ගැන අතිගරු ජනාධිපතිතුමාටත් .රජ යටත් අපගේ අවංක ස්තුතිය හා ප්‍රණාමය .

  4. M.Jayapaalan says:

    We can see the efficiency of the GR’s leadership.

  5. බන්ඩා says:

    රජය සතු ලිට්රෝ සහ ජිහාඩියන් සතු පික් මී එක් වෙන එක ඇඟට ගුන නැහැ.

    • හෙලයා says:

      පික් මී නෙවෙය් මගේ අසල් වැසි ත්‍රි වීල් හිමි කරැ කමල් මට විශ්වාසය්.

      • චන්ඩි මල්ලි says:

        කමල් ලින්ක් වෙලා ඉන්නෙ පික්මී එක්ක.පික්මී ඉන්නෙ ලින්ක් වෙලා ජිහාඩ් එක්ක බව කමල් දන්නේ නැතුවා වෙන්න පුළුවන්. මෙතන දේශීය දේශපාලනයක් ගැන නෙමෙයි මම කතා කරන්නෙ. වරදවා තේරුම් ගන්න එපා.

    • සමිත හිමි says:

      පික්මි සභාපති අජිත් ගුණවර්ධන මහතා ය .ඔහු ශ්‍රී ලංකාවේ වැදගත් සු‍රසිද්ධ ව්‍යාපාරයකි .

  6. Dian says:

    I’m residing at Pannipitiya.
    It says that my location is too far from Litro Gas Station when I going to placed an order.

    Highly appreciate if pickme available for this facility in our area too.

  7. Sam says:

    I just check with pickme. They informed only deliver 5 km within nugegoda circle. If they can expan would very greateful.

  8. sanasuma says:

    ආහාර තොග කොපමණ තිබුනත් ඒවා මහජනයාට ආරක්ෂිතව ලැබෙන කාර්යක්ෂම විධියක් තිබිය යුතුයි. වහාම මේ සඳහා උනන්දු වෙන්න. ඇඳිරි නීතිය අවසන් වීමෙන් පස්සේ භාන්ඩ ගන්න තියෙන්නේ ටික කාලයයි. මේ නිසා භාන්ඩ වර්ග කීපයක් බැගින් ඇති පාර්සල් වර්ග කීපයක් මිල සමඟ මහජනයාට පෙනෙන්න සලස්වා මුදල් ගන්න වගේ විධියක් යොදන්න. රටපුරා ආරක්ෂිතව ජංගම භාණ්ඩ පාර්සල් බෙදීම ඉතා වැදගත් වේවි. භාණ්ඩ ගෙන්වාගත හැකි දුරකථන අංක නගර අනුව ටී.වී.
    රේඩියෝ, අන්තර්ජාලයෙන් නිරන්තරයෙන් ලබා දෙන්න.

  9. Me says:

    This service is only available in Nugegoda area.

Main News